මෝටර් රථ ලියාපදිංචි කිරීමේ පොත් 12ක් අස්ථානගත වීමට අදාළ නඩුව ගැන උසාවියෙන් තීන්දුවක්

නාරාහෙන්පිට මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ වෙළෙඳ වාහන පැවරුම් අංශයේ නිල කාමරයේ ඉබි යතුරු දමා ආරක්ෂිතව රඳවා තිබූ මෝටර් රථ ලියාපදිංචි කිරීමේ පොත් 12 ක් අස්ථානගත වීමේ සිද්ධියට අදාළව එම අංශයේ කාර්ය මණ්ඩලයේ සේවකයන් 8 දෙනෙකුගේ දුරකථන වාර්තා බොරැල්ල පොලිසියට ලබාදෙන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවල මහතා අදාළ දුරකථන සමාගම්වලට නියෝග කර තිබෙනවා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන සඳහා අදාළ අංශයේ සේවකයන් අට දෙනෙකුගේ දුරකථන වාර්තා ලබාගත යුතුව ඇති බැවින් එම වාර්තා තම පොලිස් ස්ථානය වෙත ලබාදෙන ලෙස බොරැල්ල පොලිසියේ නඩු මෙහෙයුම් අංශයේ සැරයන් 36052 හේමකුමාර මහතා කරන ලද ඉල්ලීමක් සලකා බලමින් අධිකරණය එම නියෝගය නිකුත් කළා.

මෝටර් රථ දෙපාර්තමේන්තුවේ වෙළඳ වාහන පැවරුම් අංශයේ සහකාර කොමසාරිස්වරයාගේ නිල කාමරයේ කබඩ් එකක් තුළ ඉබි යතුරු දමා ආරක්ෂිතව රඳවා තබා තිබූ මෝටර් රථ ලියාපදිංචි පොත් දහසක් අතුරින් පොත් දොළහක් එසේ අස්ථානගතව ඇති බවට ලැබී ඇති පැමිණිල්ලක් අනුව එම විමර්ශන ආරම්භ කර ඇති බව ද හේමකුමාර මහතා අධිකරණයට දැනුම්දුන්නා.

එසේ අස්ථානගතව ඇති පොත් භාවිතයට නොගත් අලුතින් මුද්‍රණය කළ පොත් බව ද පැවසූ ඒ මහතා අධිකරණය හමුවේ වැඩිදුරටත් කරුණු දක්වමින් කියා සිටියේ සිද්ධිය සම්බන්ධයෙන් අදාළ අංශයේ සහකාර කොමසාරිස්වරයාගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට පියවර ගත් බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොයින්ට් ඔෆ් ඕඩර් නිසා යකා නැග්ග අර්චුනා - ඊයේ තිබුණා කියලා ඒක පොයින්ට් එකක් නෙවෙයි..අපිටත් දෙන්න
01:36
Video thumbnail
සැමියාගේ නිසල සිරුර ළඟ හඬා වැටුණු ප්‍රවීණ නිළිය "අනේ මගේ දෙයියා..නැගිටින්න රත්තරං"
02:40
Video thumbnail
නාමල් ගෙනියද්දි අධිකරණය අසල වෙච්ච දේ - "බය වෙන්න එපා සර් තව පොඩි දවසයි"
01:45
Video thumbnail
එකම බස් එකේ අධිකරණයට ආ චාමර සහ නාමල් - නාමල් 06 වනදා දක්වා රිමාන්ඩ්
00:43
Video thumbnail
NBRO එකෙන් ජනතාවට විශේෂ ප්‍රකාශයක් - ඉදිරියේදී නායයෑම් සක්‍රීය වෙන්න පුළුවන්
04:35
Video thumbnail
හෙක්ටර් - නලින්ද පාර්ලිමේන්තුවේ ගැටෙයි - ආමාත්‍යවරු දෙපළම පාර්ලිමේන්තුවේ නෑ..මගේ අයිතිය නැතිව යනවා
06:32
Video thumbnail
කාවන්තිස්සගේ මරණය සොයන්න තේරීම් කාරක සභාවක් ඉල්ලන යෝජනාව කථානායකට ලබාදෙයි
01:12
Video thumbnail
විහාර මහාදේවී උද්‍යානයේ භික්ෂු විරෝධතාවයේ අද උදෑසන තත්ත්වය
01:02
Video thumbnail
ගතවූ පැය 24රේ වැඩිම වර්ෂාපතනය කොළඹින් - පහළ ප්‍රදේශවල සිටින ජනතාව සැලකිළිමත්ව සිටින්න -
04:23
Video thumbnail
රාජාංගන ජලාශයේ සහ අංගමුව ජලාශයේ වාන් දොට්ටු විවෘත කර ඇති අයුරු
00:42