AFC Banner
Empty Ad
Empty Ad

වලව්වක අබිරහස් ඝාතනයක් – සැකකරුවන් සොයා පුළුල් විමර්ශන

ඝාතනයක් බවට සැක කෙරෙන පුද්ගල මළ සිරුරක් සොයාගෙන තිබෙනවා.

මෙම මළසිරුර හමුව ඇත්තේ කෑගල්ල – බුරුළුප්ප, කෙම්පිටිය කාමරයක තිබියදියි.

දසත වාර්තාකරු පවසන පරිදි පොලිස් විමර්ශනවල සැකයක් අදාළ සිදුවීම සම්බන්ධයෙන් එල්ල ඇති බවත්; මෙය ඊයේ (27) රාත්‍රියේ දී සිදු වූ ඝාතනයක් විය හැකි බවට පොලිසිය සැකපළ කරන බව ද වාර්තා වනවා.

මෙලෙස මියගොස් ඇත්තේ එම වලව්වේ පදිංචි ව සිටි 75 හැවිරිදි විශ්‍රාමික ගුරුවරයෙකු වන ක්‍රිෂාන්ත පුලස්ථි මාරපන නමැත්තෙකුයි.

අද (28) උදෑසන එම නිවසින් ‘වී’ රැගෙන යෑමට පැමිණි ලොරි රථයේ රියදුරු නිවසේ අයට කථා කර ඇති අතර නිවසින් කිසිම පිළිතුරක් ලැබී නැහැ.

පසුව එම නිවසේ ආරක්ෂාවට සිටින පුද්ගලයාට කතා කර ඇත්තේ ඔහු ද වලව්වට යාබද පදිංචිව සිටින බැවින් බවයි වාර්තා වන්නේ.

ඉන් අනතුරුව අදාළ නිවසේ ආරක්ෂාව භාරව සිටින තැනැත්තා පැමිණ වලව්වට ඇතුල්වී සිය හාම්පුතු සොයා ඇති අතර එහිදී හාම්පුතු ඔහුගේ කාමරය තුළ අත් පා ගැටගසා සෙලෝටේප් පටිවලින් ඔතා තිබෙන අයුරු දැක තිබෙනවා.

ඉන් පසුව ඔහු පොලිසියට පැමිණිලි කර ඇති අතර පොලිස් මූලික විමර්ශනවල දී හෙළි ව ඇත්තේ ඝාතනයට ආ පුද්ගලයා හෝ පිරිස නිවසෙහි වටිනා දෑ සොයා ඇති බවත්; අනතුරුව නිවසේ තිබූ මෝටර් රථය ද රැගෙන පලා ගොස් ඇති බවයි.

මියගිය වලව් හිමියාගේ බවට සැක කරන කාර් රථයක් ගලිගමුව – කෝට්ටපොල ප්‍රදේශයේ මහමග දමා ගොස් තිබියදී පිංදෙණිය පොලිස් භාරයට ගෙන තිබෙනවා.

පොලිස් විමර්ශනවලින් හෙළිව ඇත්තේ අදාළ මරණකරුගේ ගෙළ සිරකර ඝාතනය කර ඇති බවටයි.

එමෙන්ම මරණකරුගේ බිරිඳ ඔත්පලව ඇඳක් මත සිටින බවත් ඇයට ද ඝාතකයින් පහරදීම් සිදු කර තිබෙනවා.

පහරකෑමට ලක් වූ ආබාධිත කාන්තාව මේ වනවිට කෑගල්ල රෝහලේ ප්‍රතිකාර ලබනවා.

සිද්ධිය සමබන්ධයෙන් පුළුල් විමර්ශන ක්‍රියාත්මකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ණයට ගත්ත සල්ලි කෝ - පොහොට්ටු මන්ත්‍රී අහයි
05:43
Video thumbnail
ගසා තීරයේ සටන් විරාමයට සිරකරුවන් හුවමාරු කරගන්න සැරසෙන හැටි මෙන්න
08:49
Video thumbnail
හිටපු ජනපති අද හරි සැරෙන් කරපු සම්පූර්ණ කතාව මෙන්න
17:31
Video thumbnail
අත්තටු තමන්ගේ නම් කොහෙටද පුතා පියාඹන්න බැරි???
04:41
Video thumbnail
පෙට්‍රල් නැතුව වාහනේ නතර වුණොත් දඩ - කොහොමද පොලිසියේ වැඩ
01:33
Video thumbnail
ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ බලය මාලිමාවෙන් ගිලිහෙයි ?
07:34
Video thumbnail
ජය පරාජය විඳගන්න බැරි පාතාලය වගේ හැසිරෙන ක්‍රීඩකයෝ
02:14
Video thumbnail
මහ ඇමති පුටුවට එන තලපති විජේගේ මංගල රැළියේ ඔබ නොදත් කතාව මෙන්න
06:30
Video thumbnail
තුන් දෙනාට මේක කරගෙන යන්න අමාරුයි - මාලිමා ප්‍රබලයා විශේෂ හෙළිදරව්වක් කරයි
29:59
Video thumbnail
රංජන් රැස්වීමේ වුණු දේ හෙළි කරයි - අරක්කු ගන්න සල්ලි දුන්නා මල්ලි
02:26

?