වලව්වක අබිරහස් ඝාතනයක් – සැකකරුවන් සොයා පුළුල් විමර්ශන

ඝාතනයක් බවට සැක කෙරෙන පුද්ගල මළ සිරුරක් සොයාගෙන තිබෙනවා.

මෙම මළසිරුර හමුව ඇත්තේ කෑගල්ල – බුරුළුප්ප, කෙම්පිටිය කාමරයක තිබියදියි.

දසත වාර්තාකරු පවසන පරිදි පොලිස් විමර්ශනවල සැකයක් අදාළ සිදුවීම සම්බන්ධයෙන් එල්ල ඇති බවත්; මෙය ඊයේ (27) රාත්‍රියේ දී සිදු වූ ඝාතනයක් විය හැකි බවට පොලිසිය සැකපළ කරන බව ද වාර්තා වනවා.

මෙලෙස මියගොස් ඇත්තේ එම වලව්වේ පදිංචි ව සිටි 75 හැවිරිදි විශ්‍රාමික ගුරුවරයෙකු වන ක්‍රිෂාන්ත පුලස්ථි මාරපන නමැත්තෙකුයි.

අද (28) උදෑසන එම නිවසින් ‘වී’ රැගෙන යෑමට පැමිණි ලොරි රථයේ රියදුරු නිවසේ අයට කථා කර ඇති අතර නිවසින් කිසිම පිළිතුරක් ලැබී නැහැ.

පසුව එම නිවසේ ආරක්ෂාවට සිටින පුද්ගලයාට කතා කර ඇත්තේ ඔහු ද වලව්වට යාබද පදිංචිව සිටින බැවින් බවයි වාර්තා වන්නේ.

ඉන් අනතුරුව අදාළ නිවසේ ආරක්ෂාව භාරව සිටින තැනැත්තා පැමිණ වලව්වට ඇතුල්වී සිය හාම්පුතු සොයා ඇති අතර එහිදී හාම්පුතු ඔහුගේ කාමරය තුළ අත් පා ගැටගසා සෙලෝටේප් පටිවලින් ඔතා තිබෙන අයුරු දැක තිබෙනවා.

ඉන් පසුව ඔහු පොලිසියට පැමිණිලි කර ඇති අතර පොලිස් මූලික විමර්ශනවල දී හෙළි ව ඇත්තේ ඝාතනයට ආ පුද්ගලයා හෝ පිරිස නිවසෙහි වටිනා දෑ සොයා ඇති බවත්; අනතුරුව නිවසේ තිබූ මෝටර් රථය ද රැගෙන පලා ගොස් ඇති බවයි.

මියගිය වලව් හිමියාගේ බවට සැක කරන කාර් රථයක් ගලිගමුව – කෝට්ටපොල ප්‍රදේශයේ මහමග දමා ගොස් තිබියදී පිංදෙණිය පොලිස් භාරයට ගෙන තිබෙනවා.

පොලිස් විමර්ශනවලින් හෙළිව ඇත්තේ අදාළ මරණකරුගේ ගෙළ සිරකර ඝාතනය කර ඇති බවටයි.

එමෙන්ම මරණකරුගේ බිරිඳ ඔත්පලව ඇඳක් මත සිටින බවත් ඇයට ද ඝාතකයින් පහරදීම් සිදු කර තිබෙනවා.

පහරකෑමට ලක් වූ ආබාධිත කාන්තාව මේ වනවිට කෑගල්ල රෝහලේ ප්‍රතිකාර ලබනවා.

සිද්ධිය සමබන්ධයෙන් පුළුල් විමර්ශන ක්‍රියාත්මකයි.

  1. වලව්වේ ආරක්ෂාවට සිටි පුද්ගලයා යාබද නිවසේ සිටියානම් වාහනය පැහැරගෙන යන අවස්තාවේදී ඔහුට
    නොදැනුනාද.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14