අනවසරයෙන් පොල් ගස් දහසක් කැපූ ඉඩම් හිමිකරුට වැඩ වරදින ලකුණු

කිසිදු අවසරයකින් තොරව පොල් ගස් 1000කට ආසන්න ප්‍රමාණයක් කපා ඉවත් කිරීමේ සිද්ධියක් පිළිබඳ ව විමර්ශනයක් සිදු කරන ලෙස හලාවත ප්‍රාදේශීය ලේකම්වරයා හලාවත පොලීසියට දැනුම්දී තිබෙනවා.

හලාවත – පුලියන්කඩවර ප්‍රදේශයේ පුද්ගලික සමාගමක් විසින් පවත්වාගෙන යනු ලබන පොල් වත්තක තිබූ පොල් ගස් 1000කට ආසන්න ප්‍රමාණයක් කිසිදු අවසරයකින් තොරව කපා ඉවත් කරමින් සිටින බවයි එම ප්‍රදේශය භාර ග්‍රාම නිලධාරීවරිය විසින් හලාවත ප්‍රාදේශීය ලේකම්වරයාට පැමිණිලි කර ඇත්තේ.

එම පැමිණිල්ල සම්බන්ධයෙන් කඩිනමින් විමර්ශනයක් සිදු කරන ලෙස හලාවත ප්‍රාදේශීය ලේකම්වරයා පොලීසියට ලිඛිත දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

පොල් ගස් 10කට වැඩි ප්‍රමාණයක් එකවර ඉවත් කරන්නේ නම් ඒ සඳහා දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුවෙන් අවසරය ලබාගත යුතු බවයි මේ සම්බන්ධයෙන් කරන ලද විමසීමක දී හලාවත ප්‍රාදේශීය ලේකම් චානක ප්‍රේමසුරිය මහතා කියා සිටියේ.

නමුත් අදාළ ඉඩමේ හිමිකාර ආයතනය හෝ එහි පාලකයින් එවැනි අවසරයක් තමන්ගෙන් ලබාගෙන නොමැති බව ද ප්‍රාදේශීය ලේකම්වරයා පැවසුවා.

පොල් ගස් කපා ඉවත් කරන බව පවසන ඉඩම අයත් සමාගමේ මෙහෙයුම්
කළමනාකරු රවීන්ද්‍ර පුෂ්පකුමාර මහතා කියා සිටියේ අක්කර 50 ක් වන මෙම ඉඩමේ පොල් ඵලදාව විශාල ලෙස අඩු වී ඇති බවයි.

ඒ අනුව ඵලදාව අඩු පොල් ගස් ඉවත් කර අලුතින් පොල් පැල සිටුවීමට අදහස් කර ඇති බවයි ඒ මහතා අදාළ සිදුවීම සම්බන්ධයෙන් සඳහන් කරන්නේ.

2020 වසරේ දී පොල් සංවර්ධන මණ්ඩලයට ව්‍යාපෘති වාර්තාවක් ඉදිරිපත් කරමින් මේ සඳහා අනුමැතිය ලබාගත් නමුත් පොල් ගස් කපා ඉවත් කිරීමට අවසරයක් ලබාගත
යුතු බවට තමන් නොදන්නා බව ද හෙතෙම පැවසූ බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.

සතියක පමණ කාලයක සිට පොල් ගස් කැපීම සිදු කරන බවත්, කපා දමා ඇති
පොල් ගස් විශාල ප්‍රමාණයක් මේ වන විට එම ඉඩමෙන් වෙනත් ස්ථානයකට රැගෙන ගොස් ඇති බවත් ප්‍රදේශවාසීන් කියා සිටියා.

විශාල පොල් හිඟයක් රට තුළ පවතින විට මේ ආකාරයෙන් පොල් ගස් කපා දැමීම ජාතික අපරාධයක් බව‍යි ගම්මුන්ගේ අදහස වන්නේ.

කපා ඇති පොල් ගස් වෙනත් ස්ථානයකට ප්‍රවාහනය කිරීම මේ වන විට තහනම් කර ඇති බවත්, අවශ්‍ය නිත්‍යනුකූල ලිපි ලේඛන ඉදිරිපත් නොකරන්නේ නම් පොල් ගස් කැපීමේ සිද්ධියට සම්බන්ධ සියලුම දෙනාට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බවත් හලාවත පොලීසියේ මුලස්ථාන පොලිස් පරීක්ෂකවරයා මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කියා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
8
+1
27
+1
3
+1
1
+1
3
+1
3
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සැවොම මවිත කරමින් ශබ්ද විකාශන යන්ත්‍රවලින් හමුවූ දේ
01:04
Video thumbnail
හිනාවකුත් දාගෙන අධිකරණයට ඇවිත් ගිය යෝෂිත
01:02
Video thumbnail
රංගගේ එළොව යෑම ගැන නඩු තීන්දුවට ආ SDIG මාධ්‍යයට කියපු දේ
01:04
Video thumbnail
"අනේ තාත්තා යනවා..අපි දෙන්නා දාලා යනවා"එකම තැන එළොව ගිය සහෝදරයින් දෙදෙනාගේ අවසන් කටයුතු සිදුවූ අයුරු
02:58
Video thumbnail
IMF විස්තීරණ ණය වැඩසටහනේ මුදල් මහා භාණ්ඩාගාරයට ලැබෙයි..ඕනෑම කම්පනයකදී අපිට මුහුණ දෙන්න පුළුවන්
04:40
Video thumbnail
වෙට්ටුමකඩ ප්‍රදේශයේ පුද්ගලයෙකු එළොව යැවූ සිද්ධියේ වෙ#ක්කරු අත්අඩංගුවට
01:09
Video thumbnail
රංග නිශාන්තගේ එළොව යෑම ගැන නඩු තීන්දුවට ආ SDIG මාධ්‍යයට කියපු දේ
02:14
Video thumbnail
සැවොම මවිත කරමින් ශබ්ද විකාශන යන්ත්‍රවලින් හමුවූ දේ..මෙරට නිෂ්පාදිත ටී - කටස් අවි 19ක්
01:46
Video thumbnail
ලංකාවේ දරුවන්ගෙන් පහෙන් එකකට මන්ද පෝෂණය - පාරිභෝගිකයින්ට ගන්න හැකි මිලක් තියෙන්න ඕනි
11:51
Video thumbnail
දීඝ දන්තු හස්තියාගේ දළ සහිත අස්ථි කොටස් වසර එකාහමාරකට පසු ගොඩ ගනියි
02:03