AFC Banner
Empty Ad
Empty Ad

ගැරී දමා ගිය තැන ගිලෙස්පිට

ගැරී කර්ස්ටන් පාකිස්ථාන එක්දින සහ විස්සයි විස්ස ක්‍රිකට් පුහුණුකරු ධුරයෙන් ඉවත්වීමෙන් පසු එම තනතුර සඳහා ඕස්ට්‍රේලියානු ජාතික ජේසන් ගිලෙස්පි පත් කිරීමට කටයුතු කර තිබෙනවා.

ජේසන් ගිලෙස්පි මේ වනවිටත් පාකිස්ථාන ටෙස්ට් කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කරනවා.

ගිලෙස්පිගේ පත්වීම තාවකාලික පදනමක් මත සිදුවන අතර, සුදු පන්දු ක්‍රිකට් සඳහා නව පූර්ණ කාලීන ප්‍රධාන පුහුණුකරුවෙකු ප්‍රකාශයට පත් කර තෙක් ඔහු තාවකාලික පුහුණුකරු ලෙස පත්කර ඇති බවයි පාකිස්ථාන ක්‍රිකට් ආයතනය සඳහන් කළේ.

ඒ අනුව ඕස්ට්‍රේලියාවට සහ සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව ඉදිරියේදී පැවැත්වීමට නියමිත තරගාවලි තුළ ජේසන් ගිලෙස්පි එම තනතුරේ කටයුතු කරනු ඇති.

පාකිස්ථාන ක්‍රිකට් ආයතනය සමඟ ඇති වූ මත ගැටුම් උග්‍ර වීමෙන් පසුව ගැරී කර්ස්ටන් එම තනතුරෙන් ඉල්ලා අස්වීමට තීරණ කර තිබුණා.

මේ අතර පකිස්ථාන සීමිත පන්දුවාර කණ්ඩායම්වල නව නායකයා ලෙස කඩුලු රකින පිතිකරු මොහොමඩ් රිස්වාන් පත් කිරීමට එරට ක්‍රිකට් ආයතනය ඊයේ කටයුතු කර තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?