රුපියල් කෝටියකට දුන්නු කාන්තාවක් ඝාතනය කිරීමට කොන්ත්‍රාත්තුව ගැස්සෙයි

කොන්ත්‍රාත්තුවක් මත කාන්තාවක් ඝාතනය කිරීමට සූදානමින් සිටි පුද්ගලයෙක් ගිනි අවියක් සහ උණ්ඩ සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශය විසින් මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

අහංගම ප්‍රදේශයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු විසින් මෙම ඝාතන කොන්ත්‍රාත්තුව සඳහා රුපියල් කෝටියක මුදලක් සැකකරුට ලබාදීමට පොරොන්දු වී ඇති බවට අනාවරණය වී තිබෙනවා.

අත්අඩංගුවට ගැනුණු සැකකරු හබරාදුව, මීපේ ප්‍රදේශයේ පදිංචි අයෙක් වන අතර, ඔහු දැඩිලෙස මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටින අයෙක් බවයි අනාවරණය වී ඇත්තේ.

සැකකරු සන්තකයේ තිබී මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සහ T56 ගිනි අවිවලට යොදනු ලබන ජීව උණ්ඩ 06ක් සොයාගෙන තිබෙනවා.

අහංගම ප්‍රදේශයේම පදිංචි කාන්තාවක් ඝාතනය සඳහා මෙම කොන්ත්‍රාත්තුව ලබා දී ඇති අතර, ඒ සම්බන්ධයෙන් ලැබුණු තොරතුරකට අනුවයි සැකකරු ඊයේ (26) අත්අඩංගුවට ගෙන ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
5
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.14
01:05:46
Video thumbnail
අග්‍රාමාත්‍යතුමිය කට්ටිය වටකරගෙන කටාර් බලා ගිය හැටි
00:55
Video thumbnail
Scanner යන්ත්‍රවලටත් හසු නොවන අයුරින් බහාලුමක සඟවා තිබූ නීතිවිරෝධී දුම් වැටි තොගයක් කොටුවෙයි
06:37
Video thumbnail
ආබාධිත බිරිඳයි, දරුවොයි එක්ක අසරණ වෙලා ඉන්න පවුලක් - අපේ අස්වැසුමත් කපලා දාලා තියෙන්නේ
03:45
Video thumbnail
තම කර්මාන්තයට වනජීවී එක බාධා කිරීම නිසා ගමුන්ට යකා නගියි - හොරෙන් හරි ගිහින් අපි වේවැල් ක#නවා
08:06
Video thumbnail
ඉඩමක් ඉදිරියේ හදපු කඩයක් නිසා මහ පාරේ උණුසුම් තත්ත්වයක් - ප්‍රාදේශීය ලේකම්ගේ හයියද මේ ?
07:33
Video thumbnail
අග්‍රාමාත්‍යතුමිය කට්ටිය වටකරගෙන කටාර් බලා ගිය හැටි
01:18
Video thumbnail
විපක්ෂයට ඕනි උසාවි, පොලිසි, බන්ධනාගාර නැති රටක් - ඒවා අතේ තියාගෙන හිටියේ ඉස්සර
02:22
Video thumbnail
ජගත්ගෙන් විපක්ෂයට සැර සත්තමක් - ආණ්ඩුවක් ආවොත්නේ අපිට නීතිමය ක්‍රියාමාර්ග ගන්නේ
03:32
Video thumbnail
බන්ධනාගාර සිද්ධිය ගැන ජගත් කට අරියි - අධිකරණ ඇමති ඉල්ලා අස්වෙන්න ඕනි නෑනේ
04:16