එළඹෙන අයවැය තුළින් ගුරු විදුහල්පති වැටුප් විෂමතාවයට විසඳුම් ලබාදීමට අවධානය යොමුව තිබෙනවා.
අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය සහ ගුරු සංගම් අතර අද (25) පෙරවරුවේ පැවති සාකච්ඡාවකදීයි මේ සම්බන්ධයෙන් අවධානය යොමුව ඇත්තේ.
මෙම සාකච්ඡාව සඳහා ගුරු සංගම් කිහිපයක් සහභාගී වී තිබෙනවා.
සාකච්ඡාවෙන් පසු මාධ්‍ය හමුවක් පවත්වමින් ලංකා ගුරු සංගමයේ නියෝජිතයින් සඳහන් කළේ අග්‍රාමාත්‍යවරිය සමඟ පැවති සාකච්ඡා සාර්ථක බවයි.
පාසල්වල ඇති ගැටළු සම්බන්ධයෙන් ද මෙම සාකච්ඡාවේ දී අවදානය යොමු වූ බවත්, පාසල්වලින්; ළමුන්ගෙන් මුදල් එකතු කිරීම් සම්බන්ධයෙන් ද මෙහිදී අවදානය යොමුකළ බව ද ගුරුසංගම් සඳහන් කර සිටියා.














ගුරු විදුහල්පති වැටුප් විෂමතාවයට විසදුම් ලබාදීම හා පාසල්වල පවතින ගැටළු නිරාකරණය කර නිසි විසදුම් ලබාදීම අනාගත ආයෝජනයකි.
විශ්‍රාමිකයින් ගේ වැටුප් විෂමතාවයන්ට මොකද වෙන්නෙ ,ඒ මිනිස්සුන්ටවත් සාධාරණයක් විය යුතුයි .
දැයේ අනාගත පරපුරට ජය වේවා.
Guru warunta witharada 2016/ 2020 athara 83000kage wisrama watupata mokada wenne ewa amathaka welada e ganath thiranayak gonna ranil eken 2500k denawa kiuwa enisa aluthen denna kalin pending thiyana ewa gewala inna