AFC Banner
Empty Ad
Empty Ad

නිවසක් කොල්ලකෑ අයෙක් ගෙහිමියාව මරා කෙසෙල් පඳුරක සඟවලා

නිවසක් කොල්ලකෑමට පැමිණි අයෙකු විසින් අදාළ නිවසෙහි ගෙහිමියාව ඝාතනය කර; ඔහුගේ සිරුර කෙසෙල් පඳුරක් තුළ සඟවා තබා තිබියදී සොයාගත් බව පානදුර දකුණ පොලිසිය පවසනවා.

මෙම ඝාතනය සිදු ව ඇත්තේ පානදුර – මිනුවන්පිටිය ගජබා පාරේ පිහිටි නිවසකදියි.

අදාළ ඝාතකයා නිවසට ඇතුල්වී එහි තිබූ රූපවාහිනී යන්ත්‍රයක් සහ ගෑස් සිලින්ඩරයක් සොරකම් කිරීමෙන් අනතුරුව මෙම ඝාතනය සිදු කර තිබෙනවා.

පානදුර – මිනුවන්පිටිය ප්‍රදේශයේ පදිංචිව 77 හැවිරිදි දෝන ඩීමන් ජයරත්න නමැති පුද්ගලයකු පුද්ගලයෙකු ඊයේ (21) පස්වරුවේ මෙම ඝාතනයට ලක් ව ඇති බවයි පොලිසිය පැවසුවේ.

මරණකරුගේ බිරිඳ රැකියාවට ගොස් පස්වරුවේ පැමිණෙන විට සිය ස්වාමිපුරුෂයා නිවසේ නොමැති බවත්; නිවසේ තිබූ රූපවාහිනී යන්ත්‍රය, ගෑස් සිලින්ඩරය ඇතුළු භාණ්ඩ බොහොමයක් අතුරුදන්ව තිබෙන අයුරු දැක ඒ පිළිබඳව සැක සිතී පොලිසියට පැමිණිල්ලක් ඇය විසින් සිදු කරන ලද බවත් පානදුර පොලිසියේ උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කර තිබෙනවා.

ඉන් අනතුරුව ඒ සම්බන්ධයෙන් පානදුර අපරාධ පරීක්ෂණාගාරයේ නිලධාරීන් පැමිණ සිදුකළ පරික්ෂාවේ දී නිවස පිටුපස කෙසෙල් පඳුරක් යට සඟවා තිබූ මළසිරුර සොයා ගැනුණා.

සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් ඝාතකයාව අත් අඩංගුවට ගෙන නොමැති අතර
පානදුර දකුණ පොලිසිය පරීක්ෂණ පවත්වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?