නිවසක් කොල්ලකෑ අයෙක් ගෙහිමියාව මරා කෙසෙල් පඳුරක සඟවලා

නිවසක් කොල්ලකෑමට පැමිණි අයෙකු විසින් අදාළ නිවසෙහි ගෙහිමියාව ඝාතනය කර; ඔහුගේ සිරුර කෙසෙල් පඳුරක් තුළ සඟවා තබා තිබියදී සොයාගත් බව පානදුර දකුණ පොලිසිය පවසනවා.

මෙම ඝාතනය සිදු ව ඇත්තේ පානදුර – මිනුවන්පිටිය ගජබා පාරේ පිහිටි නිවසකදියි.

අදාළ ඝාතකයා නිවසට ඇතුල්වී එහි තිබූ රූපවාහිනී යන්ත්‍රයක් සහ ගෑස් සිලින්ඩරයක් සොරකම් කිරීමෙන් අනතුරුව මෙම ඝාතනය සිදු කර තිබෙනවා.

පානදුර – මිනුවන්පිටිය ප්‍රදේශයේ පදිංචිව 77 හැවිරිදි දෝන ඩීමන් ජයරත්න නමැති පුද්ගලයකු පුද්ගලයෙකු ඊයේ (21) පස්වරුවේ මෙම ඝාතනයට ලක් ව ඇති බවයි පොලිසිය පැවසුවේ.

මරණකරුගේ බිරිඳ රැකියාවට ගොස් පස්වරුවේ පැමිණෙන විට සිය ස්වාමිපුරුෂයා නිවසේ නොමැති බවත්; නිවසේ තිබූ රූපවාහිනී යන්ත්‍රය, ගෑස් සිලින්ඩරය ඇතුළු භාණ්ඩ බොහොමයක් අතුරුදන්ව තිබෙන අයුරු දැක ඒ පිළිබඳව සැක සිතී පොලිසියට පැමිණිල්ලක් ඇය විසින් සිදු කරන ලද බවත් පානදුර පොලිසියේ උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කර තිබෙනවා.

ඉන් අනතුරුව ඒ සම්බන්ධයෙන් පානදුර අපරාධ පරීක්ෂණාගාරයේ නිලධාරීන් පැමිණ සිදුකළ පරික්ෂාවේ දී නිවස පිටුපස කෙසෙල් පඳුරක් යට සඟවා තිබූ මළසිරුර සොයා ගැනුණා.

සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් ඝාතකයාව අත් අඩංගුවට ගෙන නොමැති අතර
පානදුර දකුණ පොලිසිය පරීක්ෂණ පවත්වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56