AFC Banner
Empty Ad
Empty Ad

පාස්පෝට් ගන්න කලබල වෙන්න එපා – තව තොග ළඟ ළඟම එනවා

හෙට (23) දිනයේ දී තවත් විදෙස් ගමන් බලපත්‍ර 42,000ක පමණ තොගයක් දිවයිනට රැගෙන ඒමට නියමිත බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් සඳහන් කළා.

අද (22) පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසුවා.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ නොවැම්බර් මස මැදවන විට ලක්ෂකයක විදෙස් ගමන් බලපත්‍ර තොගයක් මුද්‍රණය කර දිවයිනට රැගෙන ඒමට නියමිත බවයි.

ඒ, අනුව හත්ලක්ෂ පනස් දහසක විදෙස් ගමන් බලපත්‍ර තොගයක් කොටස් වශයෙන් ගෙන එන බවයි අමාත්‍යවරයා මෙහිදී සඳහන් කර සිටියේ.

මෙම තත්ත්වයත් සමඟ විදෙස් ගමන් බලපත්‍ර ලබා ගැනීමේ දී අනවශ්‍ය කලබලයක් ඇතිකර ගතයුතු නැතැයි අමාත්‍යවරයා මහජනතාවට දැනුම් දෙනවා.

මේ අතර මාස කිහිපයක සිට පැවති අර්බුධය සහ හිඟය අවසන් කරමින් නව විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමට ඊයේ (21) දිනයේ සිට රජය කටයුතු කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?