සිව්වන දිනය අවසන් කරන්න විනිසුරු ගත් තීරණයට රෝහිත් සහ කෝලි නොසතුටින්

සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ඉන්දියාව අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වන දින වූ අද (19) දිනය අයපත් ආලෝක තත්ත්වය හේතුවෙන් නියමිත වේලාවට පෙර අවසන් කරන්නට විනිසුරුවරුන් කටයුතු කළා.

විනිසුරුවරුන්ගේ මෙම තීරණය පිළිබඳව ඉන්දීය නායක රෝහිත් ශර්මා සහ විරාට් කෝලි එතරම් ප්‍රසාදයක් පළකර සිටියේ නැහැ.

තරගය සිව්වන දිනට නතර කරන විට නවසීලන්ත දෙවන ඉනිමේ ක්‍රියාත්මක කර තිබුණේ පන්දු 04ක් පමණයි.

එහිදී නවසීලන්ත ආරම්භ පිතිකරුවන් යුගළය ලකුණු නොලබා කඩුල්ලේ රැඳී සිටියා.

තරගයේ අවසන් දිනය වන හෙට (20) දිනයේ දී තරගය ජයගැනීමට නවසීලන්තයට කඩුලු 10ක් ඇතැතිව ලකුණු 107ක් ලබාගත යුතු වනවා.

මෙම තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ ඉන්දියාව සියලු දෙනා ලකුණු 46කට දැවී ගිය අතර, ඊට පිළිතුරු වශයෙන් නවසීලන්තය සිය පළමු ඉනිමට ලකුණු 402ක් රැස් කළා.

අනතුරුව ඉනිමක පරාජයෙන් ගැලවීමේ සටන ඇරඹු ඉන්දියාව සිය දෙවන ඉනිම සඳහා සියල්ලන් දැවී ලකුණු 462ක් රැස්කරමින් නවසීලන්තයට ලකුණු 107ක ඉලක්කයක් ලබා දුන්නා.

  1. This may be India’s worst ever loss in their home soil. New Zealand are deserved to win this test after their heroic bowling in the first innings after lost the entire first day due to rain washed out.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39