AFC Banner
Empty Ad
Empty Ad

පැතුම්ට පළමු එක්දින තරගය අහිමිවීමේ අවදානමක්

පසුගියදා පැවැති විස්සයි විස්ස තරගාවලියේ දී ආබාධයකට ලක්ව ක්‍රීඩා කළ ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංක තවමත් සම්පූර්ණ සුවය ලබා නොමැති බව වාර්තා වනවා.

මේ හේතුවෙන් කොදෙව්වන් සමඟ හෙට (20) ආරම්භවන පළමු එක්දින තරගයෙන් ඔහු විවේක ගන්වනු ඇති අපේක්ෂා කෙරෙනවා.

ඒ, අනුව හෙට තරගයේ දී අවිශ්ක ප්‍රනාන්දු සමඟින් කුසල් මෙන්ඩිස් ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් ලෙස කටයුතු කිරීමට වැඩි අවස්ථාවක් ඇති අතර, අංක තුන ස්ථානයේ කමිඳු මෙන්ඩිස් ක්‍රීඩා කරනු ඇතැයි වාර්තා වනවා.

මේ අතර ආබාධයක් හේතුවෙන් ඉන්දියාව සමඟ පැවති තරගාවලිය අහිමි වූ සුපිරි දඟපන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග ද හෙට ආරම්භ වන එක්දින තරගාවලියේ දී ක්‍රීඩා කරනු ඇති.

එමෙන්ම ජෙෆ්රි වැන්ඩර්සේ සහ දුනිත් වෙල්ලාලගේ සමඟින් දඟ පන්දු යවන්නන් තිදෙනෙකු සමඟ ශ්‍රී ලංකාව හෙට තරගය සඳහා පිවිසීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?