යාහියා සින්වාර් ඇත්තටම මිය ගියා ද? – සින්වාර්ගේ යැයි සැක කෙරෙන සිරුරක DNA ත් පරීක්ෂාවට

කලක සිට අතුරුදන් ව සිටි ගාසා තීරයේ හමාස් නායක යාහ්‍යා සින්වාර් (Yahya Sinwar) ඝාතනය වී ඇති ද යන්න පිළිබඳ ව විශේෂ පරීක්ෂණයක් බුද්ධි අංශ යොදා ගනිමින් සිදු කිරීමට ඊශ්‍රායලය තීරණය කර තිබෙනවා.

මීට පෙර ද ඊශ්‍රායලය විසින් සොයා බලනු ලැබුවේ යාහ්‍යා සින්වාර්ගේ අතුරුදන් වීම බොහෝ විට හෙතෙම එල්ල කරන ලද ප්‍රහාරවලින් අනතුරුව මිය යන්නට ඇති බවයි.

නමුත් යළිත් මෙම සිදුවීම කරළියට මතු ව ඇත්තේ ඊශ්‍රායල හමුදාව සිදු කළ ගාසා තීරයේ මෙහෙයුමක දී හමාස් නායකයා මියයාමට ඇති හැකියාව පිළිබඳ ව සොයා බැලීම සඳහා ආරම්භ කර ඇති පරීක්ෂණයක් නිසාවෙන්.

සටන්කාමීන් තිදෙනෙකු ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරයකින් ගොඩනැගිල්ලක් තුළ දී මිය ගිය බවත් ඔවුන්ගෙන් එක් අයෙක් හමාස් නායක යාහියා සින්වාර් ද යන්න නිල වශයෙන් තහවුරු කරගැනීම සඳහා ඊශ්‍රායලයේ ෂින් බෙට් අභ්‍යන්තර බුද්ධි ඒජන්සිය පරීක්ෂණ අරඹා ඇති බවයි.

සින්වාර් යනු ගාසා තීරයේ සිටි හමාස් නායකයින්ගෙන් ඊශ්‍රායලය අත්‍යවශයෙන් ම අවශ්‍ය කර සිටි පළමු වැනියායි.

ඊශ්‍රායල රජය විශ්වාස කරන්නේ පසුගිය වසරේ (2023) ඔක්තෝබර් 07 වැනි දින ඊශ්‍රායලයට එල්ල වූ ප්‍රහාරයේ පසුපස සිටින මහමොළකරු ඔහු වන බවයි.

ඊශ්‍රායලය උපකල්පනය කරන්නේ සින්වාර් උමං මාර්ගවල සැඟවී සිටින බවයි.

දකුණු ගාසා තීරයට එල්ල වූ ඊශ්‍රායල වෙඩි තැබීමකින් සටන්කාමීන් මියගිය බවත්; එම මියගිය වුන් අතර සින්වාර්ගේ යැයි සැක කෙරෙන සිරුරක් DNA සමග සැසදීමට යවා ඇති බව ඊශ්‍රායලය නිවේදනය කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Fake Email එකක් ආව ගමන් ඩොලර් මිලියන 2.5ක් යවනවා - නාමල් හොඳම එකෙන් දෙසයි
02:36
Video thumbnail
රත්නපුර පොළ සංකීර්ණයේ හදිසියේම හටගත් ගින්න..කඩ සේරම මුළුමනින්ම ගිනිබත්වෙලා
03:07
Video thumbnail
ඩොලර් මිලියන 2.5ක හොරකම ගැන කරුණු රැසක් එළියට..ජනපති මුදල් ඇමතිකමින් ඉවත් වෙන්න
04:39
Video thumbnail
වැල්ලවායේ දී යතුරුපැදියක් ලොරි රථයක ගැටී සිදුවූ බිහිසුණු අනතුර..
01:09
Video thumbnail
අපි විපක්ෂය හාන්සි කරලා තියෙන්නේ..අවුරුද්දට ලයිට් කැපුවද? තෙල් පෝළිම් තිබ්බද ?
05:32
Video thumbnail
මහ සෙනඟ මැදින් හාමුදුරුවන්වහන්සේලා වඩින අපූරුව
01:32
Video thumbnail
ආලෝකට ලැබෙන ගෞරවය?..සාම පාගමන මාතලේ අළුවිහාරයේ සිට ශ්‍රී දළඳා මාළිගාව දක්වා ගමන් ඇරඹූ අයුරු..
03:11
Video thumbnail
කලාකරුවන්ගේ සහාභාගීත්වයෙන් කරපු ටාජ් සමුද්‍ර බක් මහ උළෙල.."ආවේ නැත්තම් මට ගුටි කන්න වෙනවනේ"
06:53
Video thumbnail
ලක්ෂ 67ක් ගත්ත කෙනෙක් බෝඩ් එකක් උස්සන් ඉන්නවා ආණ්ඩුවට බෑ කියලා.. ලැජ්ජාවක් නැතුව ඉන්න පුළුවන්ද ?
02:04
Video thumbnail
මහ පාර පුරා ගල් කුඩු - යතුරුපැදි හතරක් අනතුරට
01:17