ශ්‍රී ලංකා – කොදෙව් විස්සයි විස්ස තරගාවලිය හෙට දඹුල්ලේ දී ඇරඹෙයි

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ පැවැත්වෙන සීමිත පන්දුවාර තරගාවලිය හෙට (13) දඹුල්ලේ දී ආරම්භ වනවා.

ඒ, අනුව විස්සයි විස්ස තරගාවලිය ආරම්භ කරමින් පළමු විස්සයි විස්ස තරගය හෙට (13) පස්වරු 7.00ට ආරම්භ විමර නියමිතයි.

ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් දේශය අතර මේ දක්වා විස්සයි විස්ස තරගය 15ක් පවත්වා ඇති අතර ඉන් තරග 08ක් ජයගෙන වැඩි ගෞරව ශ්‍රී ලංකාව හිමිකරගෙන සිටිනවා.

බටහිර ඉන්දීය කොදෙව්වන්ට ජයග්‍රහණය කිරීමට හැකිව ඇත්තේ තරග 07ක් පමණයි.

මේ අතර කණ්ඩායම් දෙක අවසන් වරට ජාත්‍යන්තර විස්සයි විස්ස තරගයක දී එකිනෙනා මුණගැසී ඇත්තේ 2021 වසරේ දී වන අතර එම තරගය ලකුණු 20කින් ජය ගැනීමට ශ්‍රී ලංකාවට හැකි වුණා.

හෙට (13) ආරම්භ වන විස්සයි විස්ස තරගාවලිය සඳහා නම්කළ ශ්‍රී ලංකා සංචිතයේ නායකත්වට චරිත් අසලංක විසින් දරණ අතර, කොදෙව්වන්ට නායකත්ව රොව්මන් පවෙල් විසින් ලබාදෙනවා.

බටහිර ඉන්දීය කොදෙව්වන් ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ අගෝස්තු මාසයේ දී දකුණු අප්‍රිකාව සමඟ පැවති විස්සයි විස්ස තරඟාවලිය ජයගෙන ජයග්‍රාහී මානසිකත්වයකින්.

දැනට ජගත් විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීම්වල බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම තුන්වන ස්ථානයේ පසුවන අතර ශ්‍රී ලංකාව පසුවන්නේ 08 වන ස්ථානයේයි.

දෙරට අතර දෙවැනි තරගය ඔක්තෝබර් 15 වැනිදා ආරම්භ වන අතර, තෙවැනි තරගය ඔක්තෝබර් 17 වැනිදා පැවැත්වීමට නියමිතයි.

සියලුම විස්සයි විස්ස තරග පැවැත් වෙන්නේ රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදීයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන..දැකපු දෙස් විදෙස් අයත් මවිත වුණ දේ
01:33
Video thumbnail
Kasthirama | "යළි ගොඩනැගෙන්නට සවිය අවැසි හෙට දවස" - කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:26
Video thumbnail
මෙන්න කාළගුණයේ වෙන්න යන නොසිතූ වෙනස..අත්‍යවශ්‍ය වැඩවලට විතරක් එළියට යන්න
04:02
Video thumbnail
රාජාංගනයේ මිනිස්සු එකතුවෙලා විනාශ වුණ ඇළ බන්ට් එක හදපු හැටි.."මිණි මුතු නෙවෙයි වටින්නේ එකමුතුකම"
07:53
Video thumbnail
මාර්ග පිරිසිදු වූ වහාම ලංගම බස් පාරට දාන්න ලංගම සභාපති පෙරට..අපි සප් එකක් දෙන්නම් ඔයලා දුවන්න ඕනි
02:02


?