ශ්‍රී ලංකා – කොදෙව් විස්සයි විස්ස තරගාවලිය හෙට දඹුල්ලේ දී ඇරඹෙයි

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ පැවැත්වෙන සීමිත පන්දුවාර තරගාවලිය හෙට (13) දඹුල්ලේ දී ආරම්භ වනවා.

ඒ, අනුව විස්සයි විස්ස තරගාවලිය ආරම්භ කරමින් පළමු විස්සයි විස්ස තරගය හෙට (13) පස්වරු 7.00ට ආරම්භ විමර නියමිතයි.

ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් දේශය අතර මේ දක්වා විස්සයි විස්ස තරගය 15ක් පවත්වා ඇති අතර ඉන් තරග 08ක් ජයගෙන වැඩි ගෞරව ශ්‍රී ලංකාව හිමිකරගෙන සිටිනවා.

බටහිර ඉන්දීය කොදෙව්වන්ට ජයග්‍රහණය කිරීමට හැකිව ඇත්තේ තරග 07ක් පමණයි.

මේ අතර කණ්ඩායම් දෙක අවසන් වරට ජාත්‍යන්තර විස්සයි විස්ස තරගයක දී එකිනෙනා මුණගැසී ඇත්තේ 2021 වසරේ දී වන අතර එම තරගය ලකුණු 20කින් ජය ගැනීමට ශ්‍රී ලංකාවට හැකි වුණා.

හෙට (13) ආරම්භ වන විස්සයි විස්ස තරගාවලිය සඳහා නම්කළ ශ්‍රී ලංකා සංචිතයේ නායකත්වට චරිත් අසලංක විසින් දරණ අතර, කොදෙව්වන්ට නායකත්ව රොව්මන් පවෙල් විසින් ලබාදෙනවා.

බටහිර ඉන්දීය කොදෙව්වන් ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ අගෝස්තු මාසයේ දී දකුණු අප්‍රිකාව සමඟ පැවති විස්සයි විස්ස තරඟාවලිය ජයගෙන ජයග්‍රාහී මානසිකත්වයකින්.

දැනට ජගත් විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීම්වල බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම තුන්වන ස්ථානයේ පසුවන අතර ශ්‍රී ලංකාව පසුවන්නේ 08 වන ස්ථානයේයි.

දෙරට අතර දෙවැනි තරගය ඔක්තෝබර් 15 වැනිදා ආරම්භ වන අතර, තෙවැනි තරගය ඔක්තෝබර් 17 වැනිදා පැවැත්වීමට නියමිතයි.

සියලුම විස්සයි විස්ස තරග පැවැත් වෙන්නේ රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදීයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි - එයාලා සීතල පුටුවල ඉන්නවා - අපි ජරාවේ ඉන්නවා
11:14
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46
Video thumbnail
BOI එක ආයෝජනවලට දාන්න පුළුවන් ලොකුම බාධා ටික දානවා - එන ටිකත් අවට රටවල්වලට යොමු කරනවා
03:35
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21