ටාටා සමූහයේ සභාපතිකම පවුල තුළම රැඳෙයි

ලොව පිළිගත් ටාටා සමූහ ව්‍යාපාරයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ රතන් ටාටාගේ අභාවයෙන් පසු එම සමාගමට නව සභාපතිවරයෙක් පත් කරන්නට එම සමූහය කටයුතු කර තිබෙනවා.

ඒ, අනුව රතන් ටාටාගේ බාල සොහොයුරා වන නොයෙල් ටාටා නව සභාපතිවරයා ලෙස පත් කිරීමටයි කටයුතු කර ඇත්තේ.

රතන් ටාටාගේ මරණයෙන් දිනකට පසු මෙම නව පත් කිරීම සිදුකිරීම ද විශේෂත්යක්.

ටාටා ට්‍රස්ට් නිවේදනයක් නිකුත් කරමින් අද (11) කියා සිටියේ එහි සභාපතිවරයා ලෙස නොයෙල් ටාටා ඒකමතිකව තෝරා ගත් බවයි.

මෙම පත්කිරීමත් සමඟ නොයෙල් ටාටා පැවසුවේ එම අවස්ථාව තමාට ගෞරවයක් බවත්, තම සහෝදරයාගේ උරුමය ඉදිරියට ගෙන යාමට තමා බලාපොරොත්තු වන බවයි.

67 හැවිරිදි නොයෙල් ටාටා, ටටා සමූහ ව්‍යාපාරයේ සමාගම්වල අධ්‍යක්ෂ මණ්ඩලවල කටයුතු කර තිබෙනවා.

ටාටා සමූහ ව්‍යාපාරයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ රතන් ටාටා අවිවාහකක් වන අතර, ඔහු ප්‍රසිද්ධියේ ඔහුගේ පසු සමාගමට නායකත්ව දෙන අනුප්‍රාප්තිකයෙකු නම් කර තිබුනේ නැහැ.

ඉන්දීය ටාටා සමූහ ව්‍යාපාරයේ සභාපති ලෙස කටයුතු කළ රතන් ටාටා පසුගිය දා අභාවප්‍රාප්ත වූ අතර, ඒ වනවිට ඔහු 86 වන වියේ පසු වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
1
+1
2
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චමින්ද විජේසිරි මේ ආණ්ඩුවට ලොකු වදයක් වෙලා - සිල්ලර දේවල් අල්ලගන්න එපා
07:52
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.23
01:19:59
Video thumbnail
චමින්දගේ නඩු තීන්දුව ගැන ජනාධිපති කොහොමද දැනගෙන සිටියේ..?
07:48
Video thumbnail
මුජිබුර් හඳුන්නෙත්තිට කට උත්තර නැතිවෙන්නම දෙයි
08:48
Video thumbnail
වැස්සෙන් පාසලට යන පාර වැහිලා..උදැල්ලක් අරගෙන පොලිස් නිලධාරියා කරපු දේ
01:55
Video thumbnail
අජිත් නැගිටලා හතර වටේටම දෙසයි - මේ පෙන්නන්නේ කැරට් අලයක්..ජනපති වාර්තා තියලා තියෙනවා
10:16
Video thumbnail
නොන්ඩි ගාගෙන උසාවියට ආපු හරක්කටා
01:20
Video thumbnail
සලේගේ මවගෙන් පාප් වහන්සේට ලියුමක්
00:50
Video thumbnail
කපුටු කාක්කව ගෙනල්ලා නීතිය ක්‍රියාත්මක කරනවා - බේරෙන්න බෑ
11:41
Video thumbnail
සලේගේ මවගෙන් පාප් වහන්සේට ලියුමක් - අපේ මුළු පවුලම කතෝලික..හරිම කණගාටුයි
01:52