හිටපු ප්‍රබලයින් රැසක් මහ මැතිවරණ සටනින් ඉවතට

පසුගිය වර පාර්ලිමේන්තුව නියෝජන කළ මැති ඇමතිවරුන් රැසක් මෙවර මහ මැතිවරණය සඳහා ඉදිරිපත් නොවන බව ප්‍රකාශකර තිබෙනවා.

ඒ, අනුව එක්සත් ජාතික පක්ෂයේ සභාපති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන, හිටපු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ෂාන් විජයලාල් ද සිල්වා සහ සම්පත් අතුකෝරල යන අය මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් වන්නේ නැහැ.

ඊට අමතරව එක්සත් ජතික පක්ෂයේ උපලේකම් අකිල විරාජ් කාරියවසම් ද මෙවර මැතිවරණය සඳහා තරග නොකරන බව සඳහන්.

එමෙන්ම හිටපු නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ලෙස ප්‍රසන්න රණතුංග, හිටපු රජයේ තාක්ෂණ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ කනක හේරත් ද මෙවර තරග නොකරන බව දැනුම් දී තිබෙනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ මෙවර මැතිවරණය සඳහා ඉදිරිපත් නොවන අතර, රත්නපුර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න ද මැතිවරණයට තරග නොකරන බව සඳහන්.

එමෙන්ම අම්පාර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායක සහ හිටපු මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ ද මෙවර තරග නොකිරීමට තීරණය කර තිබෙනවා.

ඊට අමතරව හිටපු ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විමල් විරවංශ, පාඨලී චම්පික රණවක යන අය ද පාර්ලිමේන්තු මැතිවරණය සඳහන් ඉදිරිපත් නොවන බවය නිවේදනය කර අවසන්.

එමෙන්ම හිටපු රාජ්‍ය අමාත්‍යවරුන් වන සිසිර ජයකොඩි, ලොහාන් රත්වත්තේ ද මෙවර මහ මැතිවරණය සඳහා ඉදිරිපත් වන්නේ නැහැ.

එස්.බී. දිසානායක, සී.වී. විග්නේශවරන්, සහන ප්‍රදීප්, වාසුදේව නානායක්කාර, ප්‍රියංකර ජයරත්න සහ ප්‍රදීප් උඳුගොඩ යන අය මහ මැතිවරණයට තරග නොකරන බව සඳහන්.

මේ අතර හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ, මෛත්‍රීපාල සිරිසේන සහ රනිල් වික්‍රමසිංහ ද පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ඉදිරිපත් නොවන බවට මීට පෙර නිවේදනය කර තිබුණා.

එමෙන්ම නව වන පාර්ලිමේන්තුවේ කථානායකවරයා ලෙස කටයුතු කළ මහින්ද යාපා අබේවර්ධන ද මහ මැතිවරණය වෙනුවෙන් ඉදිරිපත් නොවන බවයි වාර්තා වුණේ.

එමෙන්ම පසුගිය ආණ්ඩුවේ තාක්ෂණ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ කනක හේරත් මහතාද මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් නොවෙයි.

මහතාද මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් නොවන බව සඳහන් කළේය.

එම පක්ෂයේ රත්නපුර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න මහතා ද මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් නොවීමට තීරණය කර තිබේ.

අම්පාර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායක මහතා ද මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් නොවන බව අද සඳහන් කළේය.

එක්සත් ජතික පක්ෂයේ උපලේකම් අකිල විරාජ් කාරියවසම් මහතාද මෙවර මහමැතිවරණයට ඉදිරිපත් නොවීමට තීරණය කර ඇත.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඓතිහාසික උරුමයේ පාදම රැකගෙන යාමට සමත් යෞවනයන් රට තුළ සිටිනවා
06:12
Video thumbnail
දේශපාලන වේදිකාවක පෙරහර නතර කිරීම ගැන සාකච්ඡා කරන්න බෑ - ජනපති අනුරගෙන් සැර කතාවක්
02:57
Video thumbnail
ජනපති අනුර දළදා පෙරහර ගැන හෙළිකළ දේ - රාජ්‍යත්වයත්, දළදා වහන්සේ අතර අත්හරින්න බැරි ඉතිහාසයක් තියෙනවා
05:50
Video thumbnail
දළදා පෙරහර සාර්ථකව අවසන් කළ බව සැල කෙරෙන සංදේශය ජනපතිට ලබාදෙයි
11:23
Video thumbnail
අයිස් චෝදනාවකට අත්අඩංගුවට ගත් නවුෆර් තැනැත්තාගේ මිලියන 56ක වත්කම් අක්‍රීය කරයි
01:28
Video thumbnail
නාමල් ගහන මඩ ප්‍රචාරයකට පොහොට්ටුවෙන් දැඩි චෝදනා ?මේ ජවිපෙන් හදපු බොරු මඩ ප්‍රචාර
12:36
Video thumbnail
වමට Signal දාලා ආණ්ඩුව දකුණට හරවගෙන යන්නේ - තාම ප්‍රමාද නෑ මැද මාවතට එන්න
01:40
Video thumbnail
මයික් එකට පිටුපා ගිය මුරුත්තෙට්ටුවේ හිමියෝ - නෑ නෑ මම කිසිම පක්ෂයක් ගැන කතා කරන්නේ නෑ
00:30
Video thumbnail
මයික් දැක්ක ගමන් යකා නැග්ග අධිකරණ ඇමති - "මේ තියෙන මයික් මට දිරවන්නේ නැ"
02:47
Video thumbnail
22 ගැන කට ඇරපු ගම්මන්පිල - 22 ගැන ආණ්ඩුවේ වැඩේ කරලා ඉවරයි..අපේ වගකීම අපිත් කළා
01:15