තැපැල් ඡන්දය සඳහා ඉල්ලුම් කිරීමේ කාලය අදින් අවසන් – ඇප තියන්නත් බෑ

මෙවර මහ මැතිවරණයට තැපැල් ඡන්ද අයදුම්පත්‍ර භාරගැනීම අද (11) දහවල් 12න් අවසන් වීමට නියමිතයි.

අද දහවල් 12න් අවසන් වන තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීමේ ක්‍රියාවලියෙන් පසුව දහවල් 12 සිට 1.30 දක්වා විරෝධතා ගොනු කිරීම සිදු කළ හැකි බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරනවා.

ඉන් පසුව නාම යෝජනා භාර ගැනීම් සහ ප්‍රතික්ෂේප කිරීම් ගැන නිල වශයෙන් නිවේදනය කරන බවයි මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ.

අද දිනයේ දී නාමයෝජනා භාර ගැනීම සහ ඇප මුදල් තැන්පත් කිරීම ද දහවල් 12ට අවසන් වනු ඇති.

තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීමේ කාලයේ ඔක්තෝබර් මස 08 වැනි දින මධ්‍යම රාත්‍රී 12න් අවසන් වීමට නියමිත ව පැවතිය ද එය දින දෙකක කාලයක් දීර්ඝ කිරීමටයි කොමිෂන් සභාව කටයුතු කළේ.

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ දින ද ඊයේ (10) ප්‍රකාශයට පත් කෙරුණා.

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එල්.ඒ.එම්. රත්නායක මහතා පැවසුවේ ඔක්තෝබර් 30, නොවැම්බර් 01 සහ 04 යන තෙදින ඒ සඳහා වෙන් කර ඇති බවයි.

මේ වනවිට මැතිවරණ කොට්ඨාස 22ක් යටතේ ස්වාධීන කණ්ඩායම් 293ක් ඇප මුදල් තැන්පත් කර ඇති අතර ස්වාධීන කණ්ඩායම් 46ක් සහ පිළිගත් දේශපාලන පක්ෂ 42ක් නාම යෝජනා භාර දී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37
Video thumbnail
මොඩියුලවල පිටු ග#වලා NPP සමරු පොතේ අලවගන්න..දණගාලා බඩගාලා එන්න කියන එක සාධාරණද ?
07:52
Video thumbnail
සජිත්ව වට කරගෙන මිනිස්සු හඬා වැටෙයි
00:53
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ගෙන ආ ලෝක කුසලානය
01:07
Video thumbnail
"රජවරු කනෙන් අල්ලලා එළියට දාපු කණ්ඩායමක් ස්වාමීන් වහන්සේලා" අපිට ඉන්දියාවත් හොල්ලන්න පුළුවන්
11:20
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
02:56
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
03:18
Video thumbnail
ඉන්දියාවේ නිලාධාරින් බෝට්ටුවට ඇවිත් හොඳටම ග#ලා..ප#සට අයිසුත් ඔබලා..ඥාතීන් හඬා වැටෙයි
05:39
Video thumbnail
ගමින් ගමට වැඩසටහනට ගිය නාමල්ගෙන් සැර කතාවක්..ජනාධිපති බොරුවට චෙක් බෙදලා..ලැජ්ජා නැහැ
08:45
Video thumbnail
සියලුම බාධාවලට මුහුණ දීලා අපි ඉස්සරහට යනවා
06:07


?