තැපැල් ඡන්දය සඳහා ඉල්ලුම් කිරීමේ කාලය අදින් අවසන් – ඇප තියන්නත් බෑ

මෙවර මහ මැතිවරණයට තැපැල් ඡන්ද අයදුම්පත්‍ර භාරගැනීම අද (11) දහවල් 12න් අවසන් වීමට නියමිතයි.

අද දහවල් 12න් අවසන් වන තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීමේ ක්‍රියාවලියෙන් පසුව දහවල් 12 සිට 1.30 දක්වා විරෝධතා ගොනු කිරීම සිදු කළ හැකි බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරනවා.

ඉන් පසුව නාම යෝජනා භාර ගැනීම් සහ ප්‍රතික්ෂේප කිරීම් ගැන නිල වශයෙන් නිවේදනය කරන බවයි මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ.

අද දිනයේ දී නාමයෝජනා භාර ගැනීම සහ ඇප මුදල් තැන්පත් කිරීම ද දහවල් 12ට අවසන් වනු ඇති.

තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීමේ කාලයේ ඔක්තෝබර් මස 08 වැනි දින මධ්‍යම රාත්‍රී 12න් අවසන් වීමට නියමිත ව පැවතිය ද එය දින දෙකක කාලයක් දීර්ඝ කිරීමටයි කොමිෂන් සභාව කටයුතු කළේ.

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ දින ද ඊයේ (10) ප්‍රකාශයට පත් කෙරුණා.

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එල්.ඒ.එම්. රත්නායක මහතා පැවසුවේ ඔක්තෝබර් 30, නොවැම්බර් 01 සහ 04 යන තෙදින ඒ සඳහා වෙන් කර ඇති බවයි.

මේ වනවිට මැතිවරණ කොට්ඨාස 22ක් යටතේ ස්වාධීන කණ්ඩායම් 293ක් ඇප මුදල් තැන්පත් කර ඇති අතර ස්වාධීන කණ්ඩායම් 46ක් සහ පිළිගත් දේශපාලන පක්ෂ 42ක් නාම යෝජනා භාර දී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20
Video thumbnail
පන්සලේ විදුලි බල්බ නිවලා චෛත්‍යයේ කොත සහ චූඩාමාණික්‍යය හොරු උස්සලා
01:47
Video thumbnail
රුවන්වැලි මහසෑ නායක හිමියන් ළමා දිනය වෙනුවෙන් කළ අපූරු ක්‍රියාව
14:57
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06
Video thumbnail
සුනිත්‍ය බලශක්ති අධිකාරිය අද බුදියගෙන - වහල මත සූර්ය පැනල ගහන එකේ දොර වහන්න හදන්නේ
04:25