අදත් වායුගෝලය කැලඹීමෙන් – ඉදිරියටත් වැසි

දිවයින ආශ්‍රිත වායුගෝලයේ පවතින කැලඹිලි ස්වාභාවය හේතුවෙන් දිවයිනේ නිරිතදිග කොටසට දැනට ඇදහැලෙන වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදීත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

එම නිවේදනයේ දැක්වෙන්නේ, බස්නාහිර, සබරගමුව, දකුණු, වයඹ සහ මධ්‍යම පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 150ට වැඩි ඉතා තද වැසි ඇති විය හැකි බව කාලගුණ නිවේදනයේ දැක්වෙනවා.

එමෙන්ම දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් ඇතැම් ස්ථානවලට මි.මී. 75ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවත් එම නිවේදනයේ සඳහන්.

මේ අතර සුළං හැමීමේ වේගය ද බස්නාහිර, සබරගමුව, දකුණු, වයඹ සහ මධ්‍යම පළාත්වල විටින් විට පැ.කි.මී. 40-50ක පමණ තද සුළං ඇතිවිය හැකියි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
7
+1
3
+1
1
+1
6
+1
3
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද දිලිත්ගේ කාන්තා බලය
02:10
Video thumbnail
හැමෝම කතාවුණ බෝගම්බර සහ මහමෝදර බන්ධනාගාර කිරීමක් වෙනවද ?ළඟම තිබුණ පිළිතුර තමයි මේක
01:51
Video thumbnail
ගොවියෝ ජනපති මන්දිරය වටලන එක නවත්තන්න බෑ රජෝ
07:48
Video thumbnail
පාරම්පරික හෙළ වෛද්‍යවරුන් කොළඹ වටලයි
08:14
Video thumbnail
මීගමුවෙන් රැගෙන ගිය රැදවියන්ට ප#රදීලා ම#ලද ? බන්ධනාගාර සිද්ධියට කළින් ඇතුළේ වෙච්ච දේ මෙන්න..
10:41
Video thumbnail
ටිල්වින්ගේ ප්‍රකාශයට නලින්ද කිව්ව සැර කතාව - ඉක්මනින් පළාත් සභා තියෙනවා..සල්ලිවල කිසි ප්‍රශ්නයක් නෑ
04:27
Video thumbnail
කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් දිලිත් ශෝකය පළ කරයි
01:50
Video thumbnail
ගොවියන්ගේ ප්‍රශ්න සියල්ලටම කැබිනට් හමුවේ පිළිතුරු දෙයි - ඉඩ මදි වුණොත් පුද්ගලික වී ගබඩා ගන්නවා
08:07
Video thumbnail
එදා සම්පතක් වූ ගොවියා අද ආණ්ඩුවට හිසරදයක් වෙලා
04:20
Video thumbnail
බයික් එකක් ය#කරගෙන ගිය කාර් රථය නැවතුණු තැන
01:23