AFC Banner
Empty Ad
Empty Ad

නොවැක්ට පමණක් දෙවැනි වූ ලෝක ශූර නඩාල් ටෙනිස් පිටියට සමුදෙයි

ලොව එතෙක් මෙතෙක් බිහි වූ විශිෂ්ටතම ටෙනිස් ක්‍රීඩකයෙකු ලෙස සැලකෙන ස්පාඤඤයේ රෆායෙල් නඩාල් සිය සමුගැනීම නිල වශයෙන් නිවේදනය කර තිබෙනවා.

බීබීසී පුවත් සේවය වාර්තා කරන්නේ; ඔහු මෙම වසර අවසානයේ එනම්; නොවැම්බර් මාසයේ මලගා හි පැවැත්වෙන ඩේවිස් කුසලාන අවසන් මහා තරගයේ දී ස්පාඤ්ඤ අවසන් වරට නියෝජනය කරනු ඇති බවයි.

අවස්ථා 22කක දී ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතාව දිනා ඇති නඩාල් මේ වනවිට 38 හැවිරිදි වියෙහි පසුවනවා.

පසුගිය වසරේ දී නඩාල් ප්‍රකාශ කර සිටියේ තමන්ට වරින් වර ඇති වූ ආබාධ හේතුවෙන් බොහෝ තරග මගහැරුණු බවත් මෙම වසර අවසානයේ දී තමන් සමුගැනීමේ අදහසකින් සිටින බවයි.

අද (10) පෙරවරුවේ නඩාල් නිකුත් කළ වීඩියෝවක දැක්වෙන්නේ මෙසේයි..;

” මම වෘත්තීය ටෙනිස් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගන්නා බව ඔබට දැනුම් දීමට කැමතියි. ඇත්තටම පසුගිය වසර කිහිපය හරි දුෂ්කරයි. විශේෂයෙන් ම පසුගිය වසර දෙක ඒ අතරින් ප්‍රධානයි.
මම හිතන්නේ මට සීමාවකින් තොරව ක්‍රීඩා කරන්න පුළුවන් වුණා කියලා..” යනුවෙන්.

නඩාල් විශ්‍රාම දිවියට එළඹෙන්නේ ලොව මෙතෙක් බිහි වූ විශිෂ්ටතම ටෙනිස් ක්‍රීඩකයා වන නොවැක් ජෙකොවික්ට පමණක් දෙවැනි වෙමින්.

නොවැක්ට පමණක් දෙවැනි වන මෙම අසහාය ක්‍රීඩකයා ලොව මෙතෙක් බිහි වූ සාර්ථකම ටෙනිස් (පිරිමි) කේවල ක්‍රීඩකයා වනු ඇති.

‘’King of Clay’’ ලෙසින් විරුදාවලිය ලත් නඩාල්, රෝලන්ඩ් ගැරෝස් හිදී ඔහුගේ ප්‍රධාන තරග 116න් 112ක්ම ජය ගනිමින් වාර්තාගත ලෙස 14 වතාවක් ප්‍රංශ විවෘත කේවල ශූරතාව ද දිනාගත්තා.

නඩාල් සිව් වතාවක් එක්සත් ජනපද විවෘත ටෙනිස් තරගාවලියේ ශූරයෙකු වන අතර ඔස්ට්‍රෙලියානු විවෘත ටෙනිස් ශූරතාව සහ විම්බල්ඩන් ශූරතා යන දෙකම දෙවරක් දිනාගෙන තිබෙනවා.

ඔහු ඔලිම්පික් ටෙනිස් තරග නියෝජනය කරමින් කේවල සහ යුගල රන් පදක්කම් ද දිනාගත් අතර ස්පාඤ්ඤයට ඩේවිස් කුසලාන ශූරතා 05ක් ගෙන දුන් විශිෂ්ටයෙක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?