AFC Banner
Empty Ad
Empty Ad

ස්කොට්ලන්තය පැරදූ දකුණු අප්‍රිකානු කතුන්ට ලකුණු 80ක විශිෂ්ට ජයක්

B කාණ්ඩය යටතේ මෙවර පන්දුවාර 20 කාන්තා ක්‍රිකට් ලෝක කුසලානයට එක් ව සිටින දකුණු අප්‍රිකානු කාන්තාවන්ට අද (09) දිනයේ දී තවත් සුපිරි ජයක් හිමිවුණා.

ඩුබායි හි දී පැවති මෙම තරගයේ දී දකුණු අප්‍රිකාව හමුවේ පරාජයට පත්වූයේ ස්කොට්ලන්තයයි.

දකුණු අප්‍රිකාව කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දී සිය පන්දුවාර 20 අවසානයේ දී කඩුලු 05ක් දැවී ලකුණු 166ක් ලබා ගත්තා.

ඒ අනුව තරගය ජය ගැනීම සඳහා ස්කොට්ලන්තයට එල්ල වූ ඉලක්කය ලකුණු 167ක්.

එහෙත් දකුණු අප්‍රිකානු කතුන්ගේ පීඩනකාරී පන්දු යැවීම හමුවේ අසරණ වූ ස්කොට්ලන්තය සියලු දෙනා දැවී ලබාගත්තේ ලකුණු 86ක් පමණයි.

විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ දකුණු අප්‍රිකාවේ Nonkululeko Mlaba ලකුණු 12කට කඩුලු 03ක් බිඳ දැමුවා.

Chloe Tryon කඩුලු 02ක් ද එක් කඩුල්ල බැගින් Ayabonga Khaka, Nadine de Klerk, Sune Luusට සහ Annerie Dercksen ට හිමිවුණා.

ස්කොට්ලන්තය වෙනුවෙන් වැඩිම ලකුණුලාභිනිය වූයේ අද දිනයේ දී Katherine Fraser (14) පමණයි.

සෙසු කිසිම ක්‍රීඩිකාවකට සාර්ථක වන්නට අද දිනයේ දී ඉඩ ලැබුණේ නැහැ.

ඒ අනුව දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම මුහුණදුන් තරග 03න් තරග 02ක් ලබා ප්‍රසාද ලකුණු පුවරුවේ පෙරමුණට ඒමට සමත් වුණා.

තරගයේ වීරයා සම්මානය දිනාගත්තේ දකුණු අප්‍රිකාවේ Marizanne Kapp විසින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?