අවුරුදු හතරේ දැරිය ඇලකට වැටී අවාසනාවන්ත ලෙස මියයයි

දංකොටුව පොලිස් වසමේ වෑකඩ ප්‍රදේශයේ සිංගක්කුලිය වැවෙන් වතුර බැස යන ඇල මාර්ගයකට වැටී කුඩා දැරියක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 04ක දැරියක්.

පොලීසිය සඳහන් කළේ ඇලට වැටී ඇති දැරියව දංකොටුව රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් ඇති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් දංකොටුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.