පාකිස්තානය දිනය නිමා කරන විට පළමු ඉනිමෙන් ශක්තිමත් – අබ්දුල්ලා හා මසූඩ්ගෙන් අගනා ශතක

2023-2025 ලෝක ටෙස්ට් ශූරතාවලියේ තවත් තරගාවලියක් අද (07) ආරම්භ වුණේ එංගලන්තය සහ පාකිස්තානය අතරයි.

තරග 03කින් සමන්විත ටෙස්ට් තරගාවලියේ සත්කාරකත්වය පාකිස්තානය විසින් දරනු ලබනවා.

පළමු ටෙස්ට් තරගය අද ආරම්භ වූයේ මුල්තාන් ක්‍රීඩාංගණයේ දී වන අතර කාසියේ වාසිය දිනූ පාකිස්තාන නායක ශාන් මසූඩ් පළමු ව පිතිකරණය තෝරාගත්තා.

ඒ අනුව සිය පළමු දිනය නිමාවන විට පාකිස්තාන කණ්ඩායම කඩුලු 04ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 328ක්.

පළමු කඩුල්ල ලකුණු 10කටත් අඩුවෙන් තිබියදී බිඳ වැටෙද්දීත්, දෙවැනි කඩුල්ලට පිටියට එක් වූ නායක ශාන් මසූඩ් සහ අබ්දුල්ලා ශාෆිකි දෙවැනි කඩුල්ලට ද්විත්ව ශතකය ද ඉක්මවමින් ලකුණු 253ක සබඳතාවක් ගොඩනැගුවා.

එහිදී අබ්දුල්ලා ශාෆිකි ලකුණු 102ක් ලබාගත්තේ ජාත්‍යන්තර ටෙස්ට් පිටියේ සිය 05 වැනි ටෙස්ට් ශතකයට ද හිමිකම් කියමින්.

නායක ශාන් මසූඩ් ද සිය ටෙස්ට් දිවියේ 05 වැනි ටෙස්ට් ශතකය අද දිනයේ දී ලබාගත් අතර ඔහු තමන්ගේ ටෙස්ට් දිවියේ ලද ඉහළතම ලකුණු සංඛ්‍යාව 156 සීමාව අබිබවා යෑමට සිටියදී අවාසනාවන්ත ලෙස දැවී ගියා.

ඒ ලකුණු 151කට ජැක් ලීච් යොමු කළ පන්දුවක් හමුවේයි.

අබ්දුල්ලා දවා ගන්නට ඇට්කින්සන් සමත් වූ අතර ඔහු අද දිනයේ දී කඩුලු 02ක් බිඳ දැමුවා.

එක් කඩුල්ල බැගින් ක්‍රිස් වෝර්ක්ස් සහ ජැක් ලීච් හට හිමිවුණා.

පළමු දිනයට තරගය නතර කරන විට පස්වැනි කඩුල්ලට පිටියෙහි රැඳී සිටියේ සෞද් ශකීල් සහ නසීම් ෂා යි.

හෙට (08) තරගයේ දෙවැනි දිනයයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56