AFC Banner
Empty Ad
Empty Ad

අඩි 12ක් දිගැති ගැට කිඹුලා මාට්ටු වෙයි

දකුණු මුහුදු කලාපයේ වැලිගම – මිරිස්ස ප්‍රදේශයේ මුහුදේ දින ගණනාවක සිට සැරිසැරූ විශාල ගැට කිඹුලෙකු ආරක්ෂිතව අල්ලා ගැනීමට එම ප්‍රදේශවාසීන් පිරිසක් සමත් වුණා.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ; මෙම ගැට කිඹුලා දින ගණනාවක සිට මුහුදු ප්‍රදේශයේ සැරිසැරීම හේතුවෙන් සංචාරක කර්මාන්තයට මෙන් ම ධීවර කර්මාන්තයට ද දැඩි බලපෑම් එල්ල ව පැවති බවයි.

කෙසේවෙතත් ඊයේ (06) රාත්‍රී කාලයේ දී එම ප්‍රදේශයේ තරුණ හා වැඩිහිටි ප්‍රජාව එක්ව මෙම ගැට කිඹුලාව අල්ලාගෙන වනජීවී දෙපාර්තමේන්තුවට භාරදීමට කටයුතු කළා.

මෙම ගැට කිඹුලා පිළිබඳව වගකිවයුතු අංශ දැනුම්වත් කළ ද; ඊට කඩිනම් ප්‍රතිචාරයක් නොලැබුණු බවයි ප්‍රදේශවාසීන් පැවසුවේ.

ඒ එම කිඹුලා අල්ලා ගැනීම එතරම් පහසු කටයුත්තක් නොවූ හෙයින් බවයි වාර්තා වන්නේ.

මෙම කිඹුලාගේ දිග අඩි 12ක් පමණක් වන බව ද වාර්තා වනවා.

කිඹුලා අල්ලාගැනීම සඳහා වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ ද සහාය හිමි ව තිබූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?