AFC Banner
Empty Ad
Empty Ad

නිලන්ත ජයවර්ධන පාස්කු වන්දි මුදල ගෙවා අවසන් බව ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වයි

අධිකරණය විසින් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන වෙත නියම කරනු ලැබූ රුපියල් මිලියන 75ක වන්දි මුදලින් ගෙවීමට තිබූ ඉතිරි මුදල වන රුපියල් මිලියන 65ක මුදල ගෙවා අවසන් කර ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබෙනවා.

නිලන්ත ජයවර්ධනගේ පාසල් සහ විශ්ව විද්‍යාල මිතුරන් විසින් මෙම මුදල පාස්කු වින්දිතයින්ගේ අරමුදලට බැරකර ඇති බවයි නීතිඥයින් අද (07) දිනයේ ශ්‍රේෂ්ඨාධිකරණය වෙත දැනුම් දේ ඇත්තේ.

පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් නිලන්ත ජයවර්ධන මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය ඒ වෙනුවෙන් රුපියල් මිලියන 75ක වන්දියක් ගෙවන ලෙස මිට පෙර නියම කර තිබුණා.

එම වන්දි මුදල සම්පූර්ණයෙන්ම ගෙවා අවසන් කිරීමට අපොහොසත් වීම හේතුවෙන් ඔහුට එරෙහිව නීතිපතිවරයා විසින් අධිකරණයට අපහාස කිරීමේ චෝදනා ගොනු කරනු ලැබුවා.

එම චෝදනාවට අදාළව කරුණු දැක්වීම සඳහා අද (07) දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මීට පෙර නිකුත් කළ නොතීසියකට අනුව නිලන්ත ජයවර්ධන අද දිනයේ අධිකරණය හමුවේ පෙනී සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?