නිලන්ත ජයවර්ධන පාස්කු වන්දි මුදල ගෙවා අවසන් බව ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වයි

අධිකරණය විසින් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන වෙත නියම කරනු ලැබූ රුපියල් මිලියන 75ක වන්දි මුදලින් ගෙවීමට තිබූ ඉතිරි මුදල වන රුපියල් මිලියන 65ක මුදල ගෙවා අවසන් කර ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබෙනවා.

නිලන්ත ජයවර්ධනගේ පාසල් සහ විශ්ව විද්‍යාල මිතුරන් විසින් මෙම මුදල පාස්කු වින්දිතයින්ගේ අරමුදලට බැරකර ඇති බවයි නීතිඥයින් අද (07) දිනයේ ශ්‍රේෂ්ඨාධිකරණය වෙත දැනුම් දේ ඇත්තේ.

පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් නිලන්ත ජයවර්ධන මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය ඒ වෙනුවෙන් රුපියල් මිලියන 75ක වන්දියක් ගෙවන ලෙස මිට පෙර නියම කර තිබුණා.

එම වන්දි මුදල සම්පූර්ණයෙන්ම ගෙවා අවසන් කිරීමට අපොහොසත් වීම හේතුවෙන් ඔහුට එරෙහිව නීතිපතිවරයා විසින් අධිකරණයට අපහාස කිරීමේ චෝදනා ගොනු කරනු ලැබුවා.

එම චෝදනාවට අදාළව කරුණු දැක්වීම සඳහා අද (07) දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මීට පෙර නිකුත් කළ නොතීසියකට අනුව නිලන්ත ජයවර්ධන අද දිනයේ අධිකරණය හමුවේ පෙනී සිටියා.

  1. පූජිත හා නිලන්ත තම ජීවිතකාලයේ හම්බකරපුවාගෙන් නොව පරම්පරා දේපොල විකුනා මේ දඩ ගෙවන්න ඇති.වගවීම පිලිබදව අලුතෙන් පත්වෙන නිළදාරීන් ද ක්‍රියාවෙන් පෙන්වියයුතුබව හිතට ගත යුතුය.මේ සියල්ලට වගකියන්න ඕන මයිත්‍රීපාල.ඒ වගේම මේ ප්‍රහාරය එල්ලකරපු කිසිවෙකුත් දඩුවම්ලබා නෑ.ඒ අයට දියයුතු දඩුවම මුදලින් මෙන්ම ජීවිතයෙන්ම වියයුත්තක් .



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34
Video thumbnail
අපිට හිටපු ජනාධිපතිවරුත් එකයි, ගමේ ඉන්නේ සිරිපාලත් එකයි
04:03
Video thumbnail
"රනිල්ගෙයි, සජිත්ගෙයි වැරදි නිසා තමයි අපි අද දුක් විදින්නේ" - මන්ත්‍රීලා ඉදිරියේ දැඩි චෝදනා
01:26
Video thumbnail
මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ට ම#ණ දණ්ඩනයට අත්සන් කළ එකම රාජ්‍ය නායකයා මම
06:16
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39