AFC Banner
Empty Ad
Empty Ad

ඕස්ට්‍රේලියානු කාන්තා ක්‍රිකට් කණ්ඩායමට කඩුලු 06ක විශිෂ්ඨ ජයක්

2024 විස්සයි විස්ස කාන්තා ක්‍රිකට් ලෝක කුසලාන තරඟාවලියේදී අද (05) දින පැවති පළමු තරඟයෙන් ඕස්ට්‍රේලියානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම පරදවා කඩුලු 6 ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට සමත් වී තිබෙනවා.

එහිදී කාසිය වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 93ක් රැස් කළ අතර, ඊට නොදෙවෙනිව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඕස්ට්‍රේලියානු කණ්ඩායම පන්දුවාර 14යි පන්දු 2ක් පමණක් වැය කරමින් එම ජයග්‍රාහී ලකුණු 94 සීමාව පසු කිරීමට සමත් වුණා.

එහිදී ඕස්ට්‍රේලියනු කණ්ඩායම වෙනුවෙන් බී.එල්. මූනි නොදැවී ලකුණු 43 ක්ද, ඊ. පෙරී ලකුණු 17ක්ද රැස් කළ අතර, ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් යූ.ප්‍රබෝධනී, එස්.කුමාරි හා අයි.රණවීර කඩුලු 1 බැඟින් දවා ගැනීමට සමත් වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?