Empty Ad
AFC Banner
Empty Ad

කැලීන් බේබි සබන් සඳහා SLS සහතිකය හිමිවීම උත්සවශ්‍රීයෙන් සැමරෙයි (ඡායාරූප)

කැලින් බේබි සබන් සඳහා SLS සහතිකය හිමිවීම නිමිත්තෙන් ඒ ගැන දැනුවත් කිරීමේ මාධ්‍ය උත්සවයක් ඔක්තෝබර් 01 වැනි දින කොළඹ ෂැංග්‍රිලා හෝටල් පරිශ්‍රයේ දී පැවැත්වුණා.

ඒ ඩෙල්මා ලංකා සමාගමේ සංවිධාන ශක්තියෙන්.

මෙම උත්සව අවස්ථාවට ඩෙල්මා ලංකා ආයතනයේ නිර්මාතෘ ලේල්වල G. පියනන්ද මහතා,
කළමනාකාර අධ්‍යක්ෂ උමේෂ් ගොඩකන්ද මහතා, අධ්‍යක්ෂිකතුමිය චතුරිකා ජයසේකර මහත්මිය යන පිරිස් එක් වූ බවයි වාර්තා වන්නේ.

මෙකී විශේෂ අවස්ථාවේ ප්‍රධාන ආරාධිත අමුත්තන් වූයේ ජනාධිපති නීතිඥ ආචාර්ය හර්ෂ කබ්‍රාල් මහතා සහ ජ්‍යේෂ්ඨ නීතිඥ සුනිල් වටගල යන අයයි.

එමෙන්ම මෙම උත්සව අවස්ථාවට රජයේ සහ පෞද්ගලික රූපවාහිනි, ගුවන්විදුලි, මුද්‍රිත මාධ්‍ය හා ඩිජිටල් මාධ්‍යායතන ප්‍රධානීන් රැසක් ද එක් ව සිටියා.

කැලින් වෙළෙඳ සන්නාමයට වසර 5ක් පිරීම නිමිත්තෙනුත්, කැලීන් බේබි සබන් සඳහා SLS සහතිකය හිමිවීම වෙනුවෙනුත්, අලුතෙන්ම බේබි සබන් නිෂ්පාදන 10ක් වෙළෙඳපොළට ඉදිරිපත් කිරීම වෙනුවෙනුත්, කැලීන් ශ්‍රී ලංකාවේ වැඩියෙන්ම අලෙවි වන සුවඳ සබන් නිෂ්පාදනය බවට පත්ව වසර දෙකක් පිරීම නිමිත්තෙන් ද, මෙම උත්සවය සංවිධානය කර තිබූ බවයි වාර්තා වන්නේ.

නැටුම් ගැයුම් සහ හාස්‍ය රංගන වැඩසටහන් ඇතුළු අංග ගණනාවකින් උත්සවශ්‍රීයෙන් යුතුව මෙම අවස්ථාව හැඩකෙරුණා.

කැලින් Baby, Almand, Floral, කොහොඹ යන සබන් හා සත්ව රූප හැඩ 15කින් එන Milky, Creamy, Olive යන සියලුම බේබි සබන් SLS තත්ත්ව සහතිකය හිමිකරගෙන තිබෙන අතර කැලින් Baby සබන් මිල රු.90/- සිට පාරිභෝගිකයින්ට දැන් වෙළඳපොළෙන් මිල දී ගත හැකි වනවා.

ශ්‍රී ලංකාවේ පාරිභෝගිකයින්ට නිසි ප්‍රමිතියෙන්, ගුණාත්මකභාවයෙන් යුතු හොඳම සබන් කැටය පාරිභෝගිකයාට ලබාදීම කැලින් ආයතනයේ අරමුණ බවයි ඔවුන් සඳහන් කළේ.

ඒ අනුව ඔවුන් දරුවන් සඳහා ශ්‍රී ලංකාවේ සෞඛ්‍යාරක්ෂිතම බේබි සබන් නිෂ්පාදනය ලෙස කැලින් බේබි සබන් පාරිභෝගිකයින් වෙත ඉදිරිපත් කර තිබෙනවා.

කැලින් බේබි සබන් මේ වන විට පහත සඳහන් අනුමැති සහ තත්ත්ව සහතිකයන් ද හිමිකරගෙන තිබීම විශේෂත්වයක්.

  • SLS Certified (ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ SLS 547 තත්ත්ව සහතිකය හිමිව ඇත.)
  • TFM අගය සියයට 78% ට වඩා වැඩියි.
  • ISO 9001: 2015 Certified Company
  • ISO GMP 22716: 2007 Certified Company
  • NMRA Registered.(ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි කර ඇත.)
  • IFRA Approved Perfumes. (ජාත්‍යන්තර සුවඳ විලවුන් සංගමයේ අනුමත සුවඳකාරක පමණක් භාවිත කෙරේ.)
  • ISO EMS 14001 Certified.
  • HACCP Certified.
  • හානිදායක රසායනික ද්‍රව්‍ය කිසිවක් එකතු කර නොමැති වීම මෙම නිෂ්පාදනයේ සුවිශේෂීත්වයයි.
DSC01527 scaled
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොන්ද පණ නැති ජනාධිපති කෙනෙක් ඔයා - සාගර ජනපතිට ප්‍රසිද්ධියේ අභියෝග කරයි
07:22
Video thumbnail
ඇතුළේ ඉඳන් ආපු චාමර ඇස්වල කඳුළු පුරවන් කරපු කතාව
10:23
Video thumbnail
රත් දෝතළු මල් හා සුදා කැබිනට් මාධ්‍ය හමුව උණුසුම් කරයි
04:57
Video thumbnail
සද්දේ දාපු දිලිත් ඉන්දවපු ඇමති හඳුන් - අන්තිමට මට නයා කියලා බනිනවා
15:23
Video thumbnail
දුකකුත් හිතේ තියාගෙන වගේ සමන්ත චාමර යාලුවා ගැන කතා කරයි
03:49
Video thumbnail
පට්ට පල් බොරු කියන්න එපා හලෝ - පොහොට්ටුවේ DV චානක රිදෙන්න කරපු කතාව
06:25
Video thumbnail
ඇමති හඳුන්ට අද හොඳටම තදවෙයි - පාඩමක් උගන්නන්න ඕන මේවා ආය නොකරන්න
18:00
Video thumbnail
බන්ධනාගාර බස් එකේ චාමර සම්පත් පාර්ලිමේන්තු එයි
03:47
Video thumbnail
සීදුවේ ඉඳිකටු ජුඩ් අවසන් ගමන් යවපු හැටි මෙන්න - අභිරහස් රැසක් එකින් එක හෙළිවෙයි
07:49
Video thumbnail
අජිත් පාර්ලිමේන්තුව දෙක කරපු හැටි
13:47

?