AFC Banner
Empty Ad
Empty Ad

ලංකාව පුරා වීදි දරුවන් 15000- 30000 අතර ප්‍රමාණයක්

අවසාන වරට සිදු කරන ලද සමාජ සමීක්ෂණවලට අනුව ලංකා පුරා විදි දරුවන් 15000-30000 අතර ප්‍රමාණයක් සිටින බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා සඳහන් කරනවා.

මොවුන් අතරින් 1/3 එකකට මව හෝ පියා අහිමි බවයි විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා පෙන්වා දෙන්නේ.

තවත් සැලකිය යුතු ප්‍රමාණයක් වැඩිහිටියන්ගේ රැකවරණයෙන් තොරව වීදි වල සැරිසරන බවත් විශේෂඥ වෛද්‍යවරයා අනාවරණය කරගෙන තිබෙනවා.

මෙම දරුවන් සිඟාකෑම, ළමා ගණිකාවන් ලෙස යොදා ගැනීම මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතාව සහ ප්‍රවාහනයට යොදා ගැනීම වැනි කරුණු වලට ගොදුරුවන බවද හෙතෙම අනාවරණය කරගෙන තිබුණා.

කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශවලත් ආගමික සිද්ධස්ථාන ආශ්‍රිතවද වීදි දරුවන් සැලකිය යුතු වශයෙන් දැකිය හැකි බවයි ඔහු පෙන්වා දෙන්නේ.

මන්ද පෝෂණය, ශ්වසන රෝග, සම ආශ්‍රිත රෝග, ලිංගාශ්‍රිත රෝගාදියට මොවුන් ගොදුරු වීම පහසුවෙන් සිදුවන බව ඔහු සඳහන් කරනවා.

එමෙන්ම දුප්පත්කම නිසා හෝ සමාජ ආර්ථික දේශපාලන ප්‍රශ්න නිසා නොසලකා හරින ලද සමාජ කොට්ඨාස ගැන ද සමාජය අවධානය යොමු විය යුතු බවත් එසේ නොවන්නේ නම් ඔවුන් තුළද විවිධ සමාජ ආර්ථික ප්‍රශ්න මත සෞඛ්‍ය ගැටළු රැසක් නිර්මාණය විය හැකි බවත් විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා සඳහන් කරනවා.

වතු ආශ්‍රිතවත් ඇතැම් ආගමික කොට්ඨාස තුළත් ග්‍රාමීය සහ අර්ධ නාගරික ප්‍රදේශ තුළත් තට්ටු නිවාස ආශ්‍රිතවත් මෙවන් නොසලකා හරින ලද කණ්ඩායම් සිටින බැවින් ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය නැංවීම සඳහා ප්‍රතිපත්ති සකස් විය යුතු බවයි ඔහු අවධාරණය කරන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කාලගුණයේ හදීසි කැලඹීමක් ගැන අනාවරණයක්
01:22
Video thumbnail
හැමදාමාත් මැතිවරණයක් අවදියේදී මට ගැහුවා #shortvideo #viralvideo #1million #trendingnews
00:12
Video thumbnail
යකඩ වේයෝ කනවා දැකපු රෝසි - මෙයානම් මොළ ගෙනාපු නැවක්
00:54
Video thumbnail
කෝටි ගානක මත්ද්‍රව්‍ය සමග - අහුංගල්ලේ සංජීවගේ ගෝලයෙක් කොටු වෙයි
00:42
Video thumbnail
මාලිමා ආණ්ඩුව හදීසියේ IMF නියෝජිතයින් මුණගැසී කරපු සාකච්ඡාව#imfsrilanka #npp
01:57
Video thumbnail
පාර්ලිමේන්තු මැතිවරණය ඉවර වෙනකම් පොහොර සහනාධාරය නෑ #srilankagovernment #npp #unp
02:24
Video thumbnail
රනිල්ට ගෑස් සිලින්ඩරෙත් නැති වෙයිද ? - මෙන්න කොමිසමේ උත්තරේ #unp #ranilwickremesinghe
01:54
Video thumbnail
ජීවිතේට ප්‍රශ්න ආවාම - ඉවසීමෙන් උත්තර හොයන්න #goodmorning #haveaniceday
06:28
Video thumbnail
ටීචලා ග්‍රවුන්ඩ් එක හොල්ලයි - කොහොම ඩාන්ස් එක #dancevideo #short #viralvideo
00:19
Video thumbnail
මැතිවරණ කොමිසමට කනේ ඇඟිලි ගහගන්න දෙහි කපයි - කන්නේ බත් නේද? මේ වැඩේ මොකක්ද මේ...
01:24

?