කැනඩා සිහින පෙන්වා මුදල් ගැරූ වෛද්‍යවරයා තවදුරටත් රිමාන්ඩ්

කැනඩා රටේ රැකියා සඳහා යවන බව පවසා පුද්ගලයන්ගෙන් රුපියල් කෝටි පහකට ආසන්න මුදලක් වංචාසහගතව ලබාගත් බව කියන සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින වෛද්‍යවරයාට එරෙහිව මේ වන විට පැමිණිලි 64 ක් ලැබී ඇති බවත්; තවදුරටත් පැමිණිලි ලැබෙමින් පවතින බව ද කොළඹ වංචා විමර්ශන අංශය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා වෙත දැනුම්දී තිබෙනවා.

දසත අධිකරණ වාර්තාකරු පැවසුවේ; ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කළ මහේස්ත්‍රාත්වරයා මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවකු බව කියන ආනන්ද වෛද්‍යරත්න නමැත්තා මෙම මස 16 දින දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කළ බවයි.

සැකකරුට එරෙහිව ඇප ලබාදෙන ලෙසට ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් අධිකරණයෙන් ඉල්ලීමක් කළ ද සැකකරුට එරෙහිව තවදුරටත් පැමිණිලි ලැබෙමින් පවතින බැවින් ඔහුට ඇප ලබා නොදෙන ලෙසට වංචා විමර්ශන කොට්ඨාසය අධිකරණයට දැන්වූ කරුණු සැලකිල්ලට ගනිමින් ඔහු තවදුරටත් එසේ රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට මහේස්ත්‍රාත්වරයා නියෝග කෙරුණා.

ජා -ඇල ප්‍රදේශයේ පදිංචි ශ්‍රියානි මනම්පේරි නමැති නීතිඥවරියක් ද මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබූ අතර අදාළ නීතිඥවරියට පෙර නඩු වාරයේ දී අධිකරණයෙන් ඇප නියම කිරීමට කටයුතු කළා.

මෙම සිද්ධියේ ප්‍රධාන සැකකරු බව කියන වෛද්‍යවරයා අදාළ නීතිඥවරියව ඔහුගේ නියෝජිතවරියක් වශයෙන් පත් කරගෙන තිබී ඇති බවත් ඔහු එම නීතිඥවරිය වෙත පුද්ගලයන් යොමු කිරීමෙන් අනතුරුව සැකකාර නීතිඥවරිය පැමිණිලිකරුවන්ගෙන් රුපියල් ලක්ෂ 10 බැගින් ලබාගෙන කෝටි පහකට ආසන්න මුදලක් වංචා කර ඇති බවට කරුණු හෙළිවී ඇති බව ද ස්ථානාධිපතිවරයා අධිකරණයට දැන්වුවා.

කැනඩා රටට යවන බව පවසා පුද්ගලයන්ගෙන් මුදල් ලබාගෙන ඇති නමුත් ඔවුන් එසේ රැකියා සඳහා යවා නොමැති බවත් ඒ සම්බන්ධයෙන් මේ වන විට පැමිණිලි 40ක් පමණ තම අංශය වෙත ලැබී ඇති බව ද සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු කොළඹ සංඛ්‍යාව විමර්ශන අංශය අධිකරණයට දන්වා ඇති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගමක් හෙල්ලෙන්න ගහපු උණ වෙඩි - මේක නම් බලන්නම ඕන වීඩියෝ එකක්
05:07
Video thumbnail
හයි වේ එකේ දැන් තත්ත්වය මෙන්න - මීට කළින් මෙහෙම ට්‍රැෆික් එකක් දැකලා තියෙනවද ?
04:22
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ ලොකු අනතුරක් - මෙන්න දැන් ලැබුණු සජීවී දර්ශන සියල්ල
00:58
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ ලොකු අනතුරක් - මෙන්න දැන් ලැබුණු සජීවී දර්ශන සියල්ල
03:58
Video thumbnail
බයික් එක ඉස්සුවද ? මෙන්න බඩු පොලිසියේ
02:34
Video thumbnail
සුද්දෝ සුද්දියෝ අවුරුදු සමරපු හැටි - ඇස් බැඳලා කිරි කාපු විදිහ තමයි මරු
03:58
Video thumbnail
ගමෙන් ආපු මිනිස්සු නැත්නම් කොළඹත් ගම වගේ
07:23
Video thumbnail
දළඳා හාමුදුරුවෝ ඉස්සරහා පිරිත් හඬ මැද්දේ කිරි උතුරා ගිය හැටි
03:23
Video thumbnail
පාරේ සිමෙන්ති බාපු අයියට පොලිසිය කියලා දීපු පාඩම
06:11
Video thumbnail
සජිත්ට ඇයි මේ අවුරුදු කටේ තරහා ගිහිං
13:08

?