කැනඩා සිහින පෙන්වා මුදල් ගැරූ වෛද්‍යවරයා තවදුරටත් රිමාන්ඩ්

කැනඩා රටේ රැකියා සඳහා යවන බව පවසා පුද්ගලයන්ගෙන් රුපියල් කෝටි පහකට ආසන්න මුදලක් වංචාසහගතව ලබාගත් බව කියන සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින වෛද්‍යවරයාට එරෙහිව මේ වන විට පැමිණිලි 64 ක් ලැබී ඇති බවත්; තවදුරටත් පැමිණිලි ලැබෙමින් පවතින බව ද කොළඹ වංචා විමර්ශන අංශය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා වෙත දැනුම්දී තිබෙනවා.

දසත අධිකරණ වාර්තාකරු පැවසුවේ; ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කළ මහේස්ත්‍රාත්වරයා මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවකු බව කියන ආනන්ද වෛද්‍යරත්න නමැත්තා මෙම මස 16 දින දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කළ බවයි.

සැකකරුට එරෙහිව ඇප ලබාදෙන ලෙසට ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් අධිකරණයෙන් ඉල්ලීමක් කළ ද සැකකරුට එරෙහිව තවදුරටත් පැමිණිලි ලැබෙමින් පවතින බැවින් ඔහුට ඇප ලබා නොදෙන ලෙසට වංචා විමර්ශන කොට්ඨාසය අධිකරණයට දැන්වූ කරුණු සැලකිල්ලට ගනිමින් ඔහු තවදුරටත් එසේ රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට මහේස්ත්‍රාත්වරයා නියෝග කෙරුණා.

ජා -ඇල ප්‍රදේශයේ පදිංචි ශ්‍රියානි මනම්පේරි නමැති නීතිඥවරියක් ද මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබූ අතර අදාළ නීතිඥවරියට පෙර නඩු වාරයේ දී අධිකරණයෙන් ඇප නියම කිරීමට කටයුතු කළා.

මෙම සිද්ධියේ ප්‍රධාන සැකකරු බව කියන වෛද්‍යවරයා අදාළ නීතිඥවරියව ඔහුගේ නියෝජිතවරියක් වශයෙන් පත් කරගෙන තිබී ඇති බවත් ඔහු එම නීතිඥවරිය වෙත පුද්ගලයන් යොමු කිරීමෙන් අනතුරුව සැකකාර නීතිඥවරිය පැමිණිලිකරුවන්ගෙන් රුපියල් ලක්ෂ 10 බැගින් ලබාගෙන කෝටි පහකට ආසන්න මුදලක් වංචා කර ඇති බවට කරුණු හෙළිවී ඇති බව ද ස්ථානාධිපතිවරයා අධිකරණයට දැන්වුවා.

කැනඩා රටට යවන බව පවසා පුද්ගලයන්ගෙන් මුදල් ලබාගෙන ඇති නමුත් ඔවුන් එසේ රැකියා සඳහා යවා නොමැති බවත් ඒ සම්බන්ධයෙන් මේ වන විට පැමිණිලි 40ක් පමණ තම අංශය වෙත ලැබී ඇති බව ද සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු කොළඹ සංඛ්‍යාව විමර්ශන අංශය අධිකරණයට දන්වා ඇති බවයි වාර්තා වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඥානසාර හිමිගේ නිදහස වෙනුවෙන් යන පා ගමන - සංඝ රත්නය සමඟ මහ සෙනඟක් එයි
03:17
Video thumbnail
ශිරන්ති බලන්න සීලරතන හිමි වැලිකඩට - පට්ටපල් හොරු ටික හිරේ දැම්මට කමක් නෑ
04:51
Video thumbnail
වැසිකිළියකින් මතුවූ නීති විරෝධී මත්පැන් ස්කාගාරය - බඩුත් එක්කම සැකකරුවෙක් මාට්ටු
02:33
Video thumbnail
මහානායක හිමි ගැට ගහපු පිරිත් නූල ජනාධිපති විසික් කරලා ගිහින් ?
06:24
Video thumbnail
ජනාධිපතිතුමා පුළුවන්නම් ඔය පුටුවට මාව ගෙන්න ගනින් - ඔය Logic දාපන් මට
02:45
Video thumbnail
දන් බත් කාලා බුදු බණවලින් ග#න්න එන්න එපා - සිවුරට අත තියලා වෙච්ච දේ දැක්කනේ..
02:39
Video thumbnail
අපි හිරේ දැම්මත්, ජම්පරේ ඇන්දුවත් සටන අත් හරින්නේ නෑ - උන්වහන්සේ අපි වෙනුවෙන් හිරබත් කනවා
04:07
Video thumbnail
මහා සංඝ රත්නය ඥානසාර හිමි වෙනුවෙන් මහනුවර සිට අරඹපු පා ගමන - දහස් ගණනක් දළඳා මාළිගාවට එකතුවෙයි
01:31
Video thumbnail
හරියට කරනවනම් කරපල්ලා..නැත්තම් දාලා පලයල්ලා - අනුරලා රජ වෙන්න ඉස්සර අරිහත් ධජයේ හැංඟිලා හිටියේ
09:57
Video thumbnail
මෛත්‍රී ගුණරත්න ආණ්ඩුවට දෙහි ක#පයි - සදාචාරයට පටහැනි දේවල් මේ ජනපති කරන්නේ
04:07