AFC Banner
Empty Ad
Empty Ad

පානීය ජල බෝතලවල මිල අඩු කිරිමට යෝජනාවක්

ශ්‍රී ලංකා ප්‍රමිතිගත ජල බෝතල් සංගමය විසින් ජල බෝතල් වල පවතින මිල සංශෝධනයන් කිරීමටත් , ඒ සඳහා පාලන මිලක් නියම කිරීමට යෝජනා කිරීම ඇතුළු කරුණු කිහිපයක් මුල්කරගනිමින් අද (02) රත්තනපිටිය Fingara හෝටල් පරිශ්‍රයේදී මාධ්‍ය හමුවක් කැඳවනු ලැබුවා.

මෙහිදී සංගමයේ ක්‍රියාකාරී සාමාජික ජානක වික්‍රමසිංහ මහතා සඳහන් කළේ මේ වනවිට ජල බෝතල් වල ලාභය වැඩි වශයෙන් බුක්ති විඳිනුයේ වෙළඳසැල් හිමියන් බවයි.

ලංකාවේ පානීය ජල බෝතල් නිෂ්පාදන ආයතන 365ක් තිබුනත් මේ වනවිට ක්‍රියාත්මක වෙන්නේ ඉන් 165 පමණක් බවයි හෙතෙම පෙන්වා දුන්නේ.

මෙරට හොඳ දිශාවකට අනුගතව ගමන් කිරීම හේතුවෙන් පානීය ජල බෝතල් සඳහා සහනදායී මිලක් ලබාදීමට තීරණය කර තිබෙන බවත් එම මිල යෝජනාව ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන ලෙස එම පාරිභෝගික අධිකාරියෙන් ඉල්ලා සිටින බවත් ඔහු පවසා සිටියා.

සභාපති තිලක් මුණසිංහ කියා සිටියේ අතරමැදියන්ට ලැබෙන අධික ලාභය හේතුවෙන් ඒ පිළිබඳව සොයා බලා පාරිභෝගිකයාට සහනයක් සැළැස්වීමට කටයුතු කරන බවයි.

එම සංගමයේ ලේකම් සුනිල් අතපත්තු කියා සිටියේ පාරිභෝගිකයාට සහනයක් සැලසීම වෙනුවෙන් මේ වන විටත් සිල්ලර වෙළඳසැල් සඳහා ලබාදෙන මිල අඩුකර ඇති බවත් එම හේතුවෙන් අධික ලාභය අඩු කරලා පාරිභෝගිකයාට සහන මිලකට පානීය ජල බෝතල් ලබාදීමට කටයුතු කරන බවයි.

පාරිභෝගික සේවා අධිකාරිය වෙත ඔවුන් ජල බෝතල් වල මිල ගනන් සංශෝධනය කිරීමට පහත සඳහන් මිල ගණන් යෝජනා කර තිබෙනවා.

එහිදී 500ml ජල බෝතලයක වර්තමාන මිල රුපියල් 100/ – 90/= වන අතර රුපියල් 70/= ට ලබාදීමටත්, 1000ml ජල බෝතලයක වර්තමාන 150/ක් පමණ වන අතර එය රුපියල් 100/= ලබාදීමටත්, 1500ml ජල බෝතලය මිල රුපියල් 170/= , 180/= අතර මුදලක් වන අතර එය රුපියල් 130/= ලබා දීමටත් , 5ml ජල බෝතලයක වර්තමාන මිල රුපියල් 400/=, 450/= වන අතර එය රුපියල් 300/= විකිණීමටත් කටයුතු කරන්නැයි එම සංගමය ඉල්ලා තිබෙනවා.

මෙලෙස මිල පාලනයක් ඇති කිරීමෙන් එම සංගමය බලාපොරොත්තු වන්නේ පාරිභෝගිකයාට සහනයක් ලබාදීමට බවයි මාධ්‍ය හමුවට එක්වෙමින් ඔවුන් කියා සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?