AFC Banner
Empty Ad
Empty Ad

කෙසෙල් ගෙඩියක් උගුරේ සිරවී පුද්ගලයෙක් මරුට

කෙසෙල් ගෙඩියක් උගුරේ සිරවීමෙන් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත් වූ අවාසනාවන්ත පුවතක් බලංගොඩ ප්‍රදේශයෙන් වාර්තා වනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ බලංගොඩ, වැලිගෙපොළ ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 74ක පුද්ගලයෙක්.

එම පුද්ගලයාගේ මරණය සම්බන්ධයෙන් බලංගොඩ මූලික රෝහලේ විශේෂඥ නීති වෛද්‍ය එම්.ජී. කේති සත්‍යයාගේ ප්‍රධානත්වයෙන් පැවැති පශ්චාත් මරණ පරික්ෂණයේ දී අනාවරණය වී ඇත්තේ කෙසෙල් ගෙඩියක් උගුරේ සිරවීම හේතුවෙන් හුස්ම ගැනීමට අපහසු වී මෙම මරණය සිදුව ඇති බවයි.

මෙම මරණය සම්බන්ධයෙන් සිදුකළ සාක්ෂි විමසීමේ දී මියගිය පුද්ගලයාගේ බිරිඳ පවසා ඇත්තේ තම සැමියා නිවසේ දී ආහාර ගැනීමෙන් පසු කෙසෙල් ගෙඩියක් ආහාරයට ගනිමින් සිටි බවයි.

එහිදී එක්වරම ඔහු බිම ඇඳ වැටුණු බවත්, පසුව ඔහුව ⁣වෛද්‍යවරයෙකු වෙත රැගෙන යාමට කටයුතු කළ බව ඇය පවසා තිබෙනවා.

එලෙස වෛද්‍යවරයා වෙත රැගෙන යන විටත් තම සැමියා මිගොස් සිටි බවයි අදාළ කාන්තාව සාක්ෂි විමසීමේ දී වැඩිදුරටත් පවසා ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?