කෙසෙල් ගෙඩියක් උගුරේ සිරවී පුද්ගලයෙක් මරුට

කෙසෙල් ගෙඩියක් උගුරේ සිරවීමෙන් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත් වූ අවාසනාවන්ත පුවතක් බලංගොඩ ප්‍රදේශයෙන් වාර්තා වනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ බලංගොඩ, වැලිගෙපොළ ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 74ක පුද්ගලයෙක්.

එම පුද්ගලයාගේ මරණය සම්බන්ධයෙන් බලංගොඩ මූලික රෝහලේ විශේෂඥ නීති වෛද්‍ය එම්.ජී. කේති සත්‍යයාගේ ප්‍රධානත්වයෙන් පැවැති පශ්චාත් මරණ පරික්ෂණයේ දී අනාවරණය වී ඇත්තේ කෙසෙල් ගෙඩියක් උගුරේ සිරවීම හේතුවෙන් හුස්ම ගැනීමට අපහසු වී මෙම මරණය සිදුව ඇති බවයි.

මෙම මරණය සම්බන්ධයෙන් සිදුකළ සාක්ෂි විමසීමේ දී මියගිය පුද්ගලයාගේ බිරිඳ පවසා ඇත්තේ තම සැමියා නිවසේ දී ආහාර ගැනීමෙන් පසු කෙසෙල් ගෙඩියක් ආහාරයට ගනිමින් සිටි බවයි.

එහිදී එක්වරම ඔහු බිම ඇඳ වැටුණු බවත්, පසුව ඔහුව ⁣වෛද්‍යවරයෙකු වෙත රැගෙන යාමට කටයුතු කළ බව ඇය පවසා තිබෙනවා.

එලෙස වෛද්‍යවරයා වෙත රැගෙන යන විටත් තම සැමියා මිගොස් සිටි බවයි අදාළ කාන්තාව සාක්ෂි විමසීමේ දී වැඩිදුරටත් පවසා ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32