ජයිශංකර්ගෙන් පාකිස්තානයට කනේ පහරක්

නිව්යෝර්ක් හි පැවති එක්සත් ජාතීන්ගේ 79 වැනි මහා මණ්ඩල සැසිවාරයේ දී ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර් පාකිස්තානයට දැඩි අවවාදයක් කළා.

පකිස්තානයේ දිගුකාලීන ත්‍රස්තවාදී ප්‍රතිපත්තිය ගැන කතා කරමින් ජයිශංකර් ඉස්ලාමාබාද්ට අනතුරු ඇඟවූයේ එහි “ක්‍රියාවන් නිසැකවම ප්‍රතිවිපාක ඇති කරන” බවයි.

මිනිත්තු විස්සකට ආසන්න කාලයක් ඔහුගේ කතාව අවසන් වන විට, ජයිශංකර් ‘පකිස්තාන ගැටලුව’ ආමන්ත්‍රණය කරමින්, පැවසුවේ පකිස්ථානයේ දේශසීමා ත්‍රස්තවාදී ප්‍රතිපත්තිය කිසි විටෙකත් සාර්ථක නොවනු ඇති බවයි.

1947 පිහිටුවීමෙන් පසු දැනට දරුණුතම ආර්ථික අර්බුදය සමඟ පොරබදමින් සිටින පාකිස්තානය, එහි “විනාශකාරී ප්‍රතිවිපාක සහිත දැනුවත් තේරීම්” හේතුවෙන් පසුගාමී වී ඇති බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා පැවසුවා.

බොහෝ රටවල් ඔවුන්ගේ පාලනයෙන් ඔබ්බට ගිය තත්ත්වයන් නිසා පසුබසිනවා. නමුත් සමහරක් විනාශකාරී ප්‍රතිවිපාක සමඟ දැනුවත් තේරීම් කරනවා. ප්‍රමුඛතම උදාහරණය අපගේ අසල්වැසියා වන පකිස්ථානයයි. අවාසනාවකට මෙන්, ඔවුන්ගේ වැරදි ක්‍රියා අනෙක් අයට ද, විශේෂයෙන් අසල්වැසි රටවලට ද බලපායි,” ජයිශංකර් පැවසුවා.

එහි පුරවැසියන්, විශේෂයෙන්ම තරුණයින් රැඩිකල්කරණය කිරීමේ ප්‍රතිපත්තිය හේතුවෙන් පකිස්ථානයේ ඉරණම විවේචනය කරමින්, ජයිශංකර් සඳහන් කළේ, “අද, පාකිස්තානය අන් අයට බෝ කිරීමට උත්සාහ කරන රෝග තම සමාජයම විනාශ කරන අයුරු අපි දකිමු. එයට ලෝකයට දොස් පැවරිය නොහැක; මෙය කර්මය පමණි. “



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18