උතුරු මැද පළාත් නව ආණ්ඩුකාර වසන්ත ජිනදාස මහතා අද (27) දින උතුරු මැද පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී ආගමික වතාවත්වල නිරත වෙමින් සිය දූරයෙහි වැඩ ආරම්භ කර තිබෙනවා.
මෙම අවස්ථාව සඳහා ආණ්ඩුකාර කාර්යාලයේ කාර්ය මණ්ඩලයද සහභාගි වී සිටි අතර ජාතික ජන බලවේගී මහජන නියෝජිතීන් පිරිසක්ද මෙම අවස්ථාව සඳහා සහභාගී වී සිටියා.
වැඩබාර ගැනීමෙන් අනතුරුව ඒ මහතා මාධ්‍යයට අදහස් දක්වමින් කියා සිටියේ නිදහස් අධ්‍යාපනයෙන් අනතුරුව මේ රටේ බිහිවුණු නව අභිලාෂයක් වෙනුවෙන් මේ රටේ නිර්ප්‍රභූ බුද්ධිමත් ජනතාව විසින් රට යන අගාධයෙන් මුදවා ගැනීම සඳහා ප්‍රතිපාලනය ක්‍රමය වෙනස් කිරීමට තීරණය කර බවත් ජනාධිපති අනුමාර දිසානායක නායකත්වය යටතේ උතුරු මැද පළාත් සභාව සිටින සියලුම ජනතාවගේ සිතුම් පැතුම් සාක්ෂාත් කර ගැනීම සඳහා වැඩ කටයුතු සිදු කිරීමට කැපවන බවත්ය.
එමෙන්ම දකුණු පළාත් නව ආණ්ඩුකාර බන්දුල හරිශ්චන්ද්‍ර ද අද (27) පෙරවරුවේ දකුණු පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ දී සිය රාජකාරි ආරම්භ කර තිබෙනවා.
මේ අතර උතුරු පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙසින් නාගලිංගම් වේදනායගම් ආගමික චාරිත්‍රානුකූලව සුබ මොහොතින් අද (27) දින උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී වැඩ භාර ගැනීම සිදු වුණා.
නාගලිංගම් වේදනායගම් මහතා යුද සමයේ සිට කිලිනොච්චිය සහ මුලතිව් දිස්ත්‍රික්කයන්හි දිසාපති තනතුරේ කටයුතු කරන ලද ඉතා කිර්තිමත් රාජ්‍ය නිලධාරියෙක් බවයි වාර්තා වන්නේ.
උතුරු පළාත් ආණ්ඩුකාරවරයා වැඩ භාරගන්නා අවස්ථාවේ ඡායාරූප පහතින්