AFC Banner
Empty Ad
Empty Ad

ලිට්‍රෝ ගෑස් සභාපති ධුරයෙන් ඉල්ලා අස්වෙයි -ගෑස්වල අඩුවක් නැති බවටත් සහතිකයක්

ලිට්‍රෝ සමාගමේ සභාපතිවරයා වශයෙන් කටයුතු කළ මුදිත පීරිස් මහතා ඉල්ලා අස්වී තිබෙනවා.

අද (26) දහවල් ඒ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බවයි වාර්තා වන්නේ.

ධුරයෙන් ඉල්ලා අස්වීම ලිපියක් මගින් ලබා දී ඇති බවට ද වාර්තා වනවා.

ලිට්‍රෝ ආයතනයේ ඉදිරි කටයුතු සඳහා ගෑස් මේට්‍රික් ටොන් 90000 දෙසැම්බර් 31 දක්වා ඇණවුම් කර ඇති බවත් ඉදිරියට පත්වෙන නව සභාපතිවරයාට කිසිම ගැටලුවකින් තොරව කටයුතු කරගෙන යෑමට අවශ්‍ය ඉඩ කටයුතු සලසා දී තමන් තනතුරෙන් ඉල්ලා අස්වන බවත් ලිට්රෝ සමාගමේ සභාපතිවරයා සඳහන් කර තිබෙනවා.

එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ මුදල් අමාත්‍යාංශයෙන් ගෙවිය යුතු සියලු මුදල් ද මේ වනවිට ගෙවා අවසන් බවත් බිලියන තුනක ලාභාංශ ද මුදල් අමාත්‍යාංශයට ලබා දී ඇති බවයි.

ඉහළ මිලක තිබියදී ගෑස් මිල අඩුකිරීමට තමන්ට හැකි වූ බවත් අලුතින් මෙම ස්ථානයේ රාජකාරී කටයුතු සඳහා පැමිණෙන සභාපතිවරයාට කිසිම කරදරයකින් තොරව මෙම කටයුතු කරගෙන යෑමට හැකි පරිසරය තමා සම සකස්කර පිටවන බව ද ඔහු වැඩිදුරටත අද පැවති මාධ්‍ය හමුවේදී අවධාරණය කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
2
+1
9
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?