ලිට්‍රෝ ගෑස් සභාපති ධුරයෙන් ඉල්ලා අස්වෙයි -ගෑස්වල අඩුවක් නැති බවටත් සහතිකයක්

ලිට්‍රෝ සමාගමේ සභාපතිවරයා වශයෙන් කටයුතු කළ මුදිත පීරිස් මහතා ඉල්ලා අස්වී තිබෙනවා.

අද (26) දහවල් ඒ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බවයි වාර්තා වන්නේ.

ධුරයෙන් ඉල්ලා අස්වීම ලිපියක් මගින් ලබා දී ඇති බවට ද වාර්තා වනවා.

ලිට්‍රෝ ආයතනයේ ඉදිරි කටයුතු සඳහා ගෑස් මේට්‍රික් ටොන් 90000 දෙසැම්බර් 31 දක්වා ඇණවුම් කර ඇති බවත් ඉදිරියට පත්වෙන නව සභාපතිවරයාට කිසිම ගැටලුවකින් තොරව කටයුතු කරගෙන යෑමට අවශ්‍ය ඉඩ කටයුතු සලසා දී තමන් තනතුරෙන් ඉල්ලා අස්වන බවත් ලිට්රෝ සමාගමේ සභාපතිවරයා සඳහන් කර තිබෙනවා.

එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ මුදල් අමාත්‍යාංශයෙන් ගෙවිය යුතු සියලු මුදල් ද මේ වනවිට ගෙවා අවසන් බවත් බිලියන තුනක ලාභාංශ ද මුදල් අමාත්‍යාංශයට ලබා දී ඇති බවයි.

ඉහළ මිලක තිබියදී ගෑස් මිල අඩුකිරීමට තමන්ට හැකි වූ බවත් අලුතින් මෙම ස්ථානයේ රාජකාරී කටයුතු සඳහා පැමිණෙන සභාපතිවරයාට කිසිම කරදරයකින් තොරව මෙම කටයුතු කරගෙන යෑමට හැකි පරිසරය තමා සම සකස්කර පිටවන බව ද ඔහු වැඩිදුරටත අද පැවති මාධ්‍ය හමුවේදී අවධාරණය කර සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39