දරුවෙකුගේ වම් ඇස අන්ධ කළ හිත් පිත් නැති ගුරුවරයා

ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් හි කෞෂාම්බි ගම්මානයේ 12 හැවිරිදි දරුවෙකුට ගුරුවරයෙකු සිදු කළ පහරදීමකින් එම දරුවා අන්ධභාවයට පත් ව ඇති බවට ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

NDTV පුවත් සේවය සඳහන් කරන්නේ 6 ශ්‍රේණියෙහි ඉගෙනුම ලබන මෙම පිරිමි දරුවා හට ගුරුවරයා විසින් පහර දෙනු ලැබ ඇත්තේ පොල්ලකින් බවයි.

ආදිත්‍ය කුෂ්වාහා නම් පහරකෑමට ලක් වූ දරුවා ගුරුවරයාගේ පහරදීමෙන් අනතුරුව රෝහල්ගත කර ශල්‍යකර්ම දෙකකට ද භාජනය කෙරුණ ද ඔහුගේ වම් ඇසෙහි අන්ධභාවය සුව වී නැහැ.

ඔහුගේ මව යුක්තිය පතා දිස්ත්‍රික් ළමා සුබසාධන කමිටුව වෙත පැමිණ ඇති අතර ශෛලේන්ද්‍ර තිවාරි නමැති ගුරුවරයාට එරෙහිව පොලිසිය මේ වන විට නඩුවක් ගොනු කර තිබෙනවා.

මාර්තු 9 වන දින සිදු වූ සිදුවීම විස්තර කරමින් දරුවා කියා සිටියේ පිටත සෙල්ලම් කරන සිසුන් කිහිපදෙනෙකු පන්ති කාමරයට කැඳවන ලෙස ගුරුවරයා තමාගෙන් ඉල්ලා සිටි බවයි.

ඉන් පසුව තමන් සිය සගයින්ට ගුරුවරයා කතා කළ බව දැන්නුව ද ඔවුන් එය තැකීමකට ලක් නොකළ බවත්; ඒ බව තමන් විසින් ගුරුවරයා වෙත දැනුම්දුන් පසු ගුරුවරයා තමන් හට පහර දුන් බවත් මෙම දරුවා පවසා තිබෙනවා.

පහරදීමෙන් පසුව මෙම දරුවාගේ වම් ඇසින් රුධිරය ගලා එන්නට පටන් ගෙන තිබෙනවා.

ඉන් අනතුරුව ගුරුවරයා විසින් විවිධ ප්‍රතිකාර පන්ති කාමරයේ දී ම සිදු කර ඇති අතර; පසුව ලේ ගැල්ම නැවතුණු පසුව දරුවා පන්ති කාමරයට වී නිදාගෙන ඇති බවත් හෙළි ව තිබෙනවා.

පසුව ඔහුගේ සගයින් විසින් පහරකෑමට ලක් වූ දරුවාගේ මවට සිදුවීම පිළිබඳ ව පැවසීමෙන් අනතුරුව එම දරුවා රෝහල්ගත කර ඇති බවයි වාර්තා වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39