ශ්‍රී ලංකා නීතිඥ සංගමයෙන් ජනපති අනුරට ලිපියක්

ශ්‍රී ලංකාවේ 09 වන විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායකට සුබ පැතුම් එක් කරමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය ලිපියක් නිකුත් කර තිබෙනවා.

නව ජනාධිපතිවරයාට විධායක ජනාධිපති ධුරයේ කාර්යයන් සහ කර්තව්‍යයන් නොපිරිහෙළා ඉටු කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවායි එම ලිපියේ සඳහන්.

එමෙන්ම දේශපාලනමය, සමාජයීය සහ ආර්ථිකමය වශයෙන් රට තුළ ඇති දූෂිත සංස්කෘතිය මින් ඉදිරියට තුරන් වනු ඇතැයි ඔවුන් අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය අදාළ ලිපිය මඟින් දන්වා තිබෙනවා.

ඊට අමතරව නීතියේ ආධිපත්‍යය හා අධිකරණයේ ස්වාධීනත්වය බාධා රහිතව පවත්වාගෙන යනු ඇතැයි නව ජනාධිපති කෙරෙහි ජනතාව තැබූ විශ්වාසය ඔහු විසින් රැක ගනු ඇතැයි එහි සඳහන්.

එමෙන්ම අකාර්යක්ෂම රාජ්‍ය පරිපාලනය සහ මෙතෙක් අප මාතෘ භූමිය පුරා පැතිරී තිබූ දේශපාලනමය, සමාජයීය සහ ආර්ථිකමය වශයෙන් සිදුවී ඇති දූෂිත සංස්කෘතිය මින් ඉදිරියට තුරන් වනු ඇතැයි ද නීතිඥ සංගමය එහි සඳහන් කර තිබෙනවා.

  1. නියත වශයෙන්ම වෙනසක් බලාපොරොත්තු විය හැකිය.ජනතාවගේ
    ජීවන වියදම් බර අඩු කර, දූෂණය නැතිකර, දූෂිතයන්ට නියම දඬුවම් ලබාදීම, හා පාස්කු ප්‍රහාරයයේ පසුපස සිටි අය සොයා ඔවුන් නීතිය හමුවට පමුණුවා වින්දිතයින්ට සසාධාරණය. ඉටුකිරීම ප්‍රථමයෙන්ම කළ යුතු කාර්යයන් විය යුතුයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අවසන් මොහොතේ තම වෛද්‍යවරයා වෙනුවෙන් පවා ගී ගැයූ නන්දා මාලනිය..
00:39
Video thumbnail
නුවර වැවට පැ#න කාන්තාවක් බේරාගත් මෙහෙයුම - මොනවා වෙලාද මේ මිනිස්සුන්ට ?
02:09
Video thumbnail
නුවර වැවට ජම්ප් එකක් දැම්ම තරුණියව බේරාගන්න දිවි පරදුවට තැබූ කොල්ලෝ ටිකට රෙස්පෙක්ට්..
02:25
Video thumbnail
යතුරුපැදියක් - ලොරියක වැදී 25ස් හැවිරිදී තරුණයා එතනම එළොව යයි - බයික් එකත් කුඩේ කුඩු
00:45
Video thumbnail
කාලගුණය උඩු යටිකුරු වන ලකුණු..ඉදිරියේදී වැසි වැඩිවෙයි - සුළං තත්ත්වයේ වැඩිවීමක්
03:40
Video thumbnail
පෙරහැරේ පිටුපසින් දුටු අපූරු දසුන... පෙරහැර මැද කැමරා ඇසක් වූ දියවඩන නිලමේ
00:10
Video thumbnail
ජොන්ස්ටන් ආණ්ඩුවට රිදෙන්නම දෙසයි..මෙයාලා පට්ටපල් බොරු කිව්වේ"මහින්ද ගත්ත චෙක් කෝ දැන් "
04:38
Video thumbnail
තව ටික දවසක් බලන් ඉමු, හන්දියක් හන්දියක් ගාණේ කියපු හොරු ටික අල්ලනකල්..
00:14
Video thumbnail
අනේ හාමුදුරුවනේ අමු පචකාරයෝ ඉන්නේ - පොඩි ළමයිනේ..ගිණුම හොයාගන්න බැරි බබාලා
11:47
Video thumbnail
ජනාධිපති ගොවි පුතා කොළඹ කාර්යාලයේ, ගොවියෝ ආර්ථිකය වැටිලා මහ පාරේ..
00:12