ෂකීබ් මව්බිමට ඒම මඟ හරී – හිරිහැරයක් සිදුනොවන බවට සහතිකයක්

බංග්ලාදේශයේ වඩාත්ම ජනප්‍රියතම ක්‍රිකට් ක්‍රීඩකයා වන ෂකීබ් අල් හසන්, පසුගිය මාසයේ ඩකා හි මිනීමැරුම් නඩුවක නම් කළ චූදිතයින් 147 දෙනා අතරට ඇතුළත්ව සිටිනවා.

මෙම වසරේ ජනවාරි මාසයේ දී ඔහු ෂීක් හසීනාගේ අවමී ලීගයෙන් මහ මැතිවරණය සඳහා තරග කර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස තේරී පත් වුණා.

කෙසේ වෙතත් බංග්ලාදේශයේ දැවැන්ත රාජ්‍ය විරෝධී විරෝධතා හේතුවෙන් අගෝස්තු 05 වනදා ෂීක් හසීනා අගමැති ධුරයෙන් ඉල්ලා අස්වී රටින් පලා ගිය පසු ඇයගේ අවමී ලීග රජයද බිඳ වැටුණා.

ෂීක් බංග්ලාදේශයෙන් පලායන අවස්ථවේ ෂකීබ් කැනඩාවේ ග්ලෝබල් T20 ලීගයට ක්‍රීඩා කරමින් සිටි අතර, එතැන් සිට ඔහු මේ දක්වා බංග්ලාදේශයට පැමිණ නැහැ.

ග්ලෝබල් T20 තරගාවලියෙන් පසු ඔහු ටෙස්ට් තරඟාවලියක් සඳහා පකිස්ථානයට ගොස් පසුව සරේ කණ්ඩායම වෙනුවෙන් ප්‍රාන්ත තරඟයකට ක්‍රීඩා කරනු ලැබුවා.

ඔහු මේ වනවිට ටෙස්ට් තරඟාවලියක් සඳහා ඉන්දියාවට පැමිණ සිටින අතර,යළි බංග්ලාදේශයට පැමිණියහොත් ඔහුට ජීවිත තර්ජනයක් ඇතිවන බවට විවිධ වාර්තා පළවුණා.

ඒ හේතුවෙන් ඔහු මව්බිමට පැමිණීම මඟ හැර සිටීමටයි කටයුතු කළේ.

කෙසේ වෙතත් බංග්ලාදේශ ක්‍රිකට් හි මෙහෙයුම් භාර ෂාරියාර් නෆීස් ඊයේ (23) ප්‍රකාශ කළේ රටේ භාරකාර රජය ෂකීබ්ට හිරිහැරයක් සිදුනොවන බව පැහැදිලි කර ඇති බවයි.

ඒ, අනුව ඔහුට යළි මව්බිමට පැමිණීමට අවස්ථාව පවත්න බවයි ඔවුන් සඳහන් කළේ.

එම තහවුරු කිරීමත් සමඟ ඔහුට එළඹෙන ඔක්තෝම්බරයේ දකුණු අප්‍රිකාව සමඟ පැවැත්වෙන ටෙස්ට් තරගාවලියෙන් පසු යළි බංග්ලාදේශයට පැමිණීමට හැකිවනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ.

මේ අතර බංග්ලාදේශයේ නීති උපදේශක අසීෆ් නස්රුල් පවසා තිබුණේ ෂකීබ්ට එරෙහිව එල්ල වී ඇති ඝාතන චෝදනාව සම්බන්ධයෙන් ඔහුව අත්අඩංගුවට නොගනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
3
+1
0
+1
0
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන..දැකපු දෙස් විදෙස් අයත් මවිත වුණ දේ
01:33
Video thumbnail
Kasthirama | "යළි ගොඩනැගෙන්නට සවිය අවැසි හෙට දවස" - කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:26
Video thumbnail
මෙන්න කාළගුණයේ වෙන්න යන නොසිතූ වෙනස..අත්‍යවශ්‍ය වැඩවලට විතරක් එළියට යන්න
04:02
Video thumbnail
රාජාංගනයේ මිනිස්සු එකතුවෙලා විනාශ වුණ ඇළ බන්ට් එක හදපු හැටි.."මිණි මුතු නෙවෙයි වටින්නේ එකමුතුකම"
07:53
Video thumbnail
මාර්ග පිරිසිදු වූ වහාම ලංගම බස් පාරට දාන්න ලංගම සභාපති පෙරට..අපි සප් එකක් දෙන්නම් ඔයලා දුවන්න ඕනි
02:02


?