ෂකීබ් මව්බිමට ඒම මඟ හරී – හිරිහැරයක් සිදුනොවන බවට සහතිකයක්

බංග්ලාදේශයේ වඩාත්ම ජනප්‍රියතම ක්‍රිකට් ක්‍රීඩකයා වන ෂකීබ් අල් හසන්, පසුගිය මාසයේ ඩකා හි මිනීමැරුම් නඩුවක නම් කළ චූදිතයින් 147 දෙනා අතරට ඇතුළත්ව සිටිනවා.

මෙම වසරේ ජනවාරි මාසයේ දී ඔහු ෂීක් හසීනාගේ අවමී ලීගයෙන් මහ මැතිවරණය සඳහා තරග කර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස තේරී පත් වුණා.

කෙසේ වෙතත් බංග්ලාදේශයේ දැවැන්ත රාජ්‍ය විරෝධී විරෝධතා හේතුවෙන් අගෝස්තු 05 වනදා ෂීක් හසීනා අගමැති ධුරයෙන් ඉල්ලා අස්වී රටින් පලා ගිය පසු ඇයගේ අවමී ලීග රජයද බිඳ වැටුණා.

ෂීක් බංග්ලාදේශයෙන් පලායන අවස්ථවේ ෂකීබ් කැනඩාවේ ග්ලෝබල් T20 ලීගයට ක්‍රීඩා කරමින් සිටි අතර, එතැන් සිට ඔහු මේ දක්වා බංග්ලාදේශයට පැමිණ නැහැ.

ග්ලෝබල් T20 තරගාවලියෙන් පසු ඔහු ටෙස්ට් තරඟාවලියක් සඳහා පකිස්ථානයට ගොස් පසුව සරේ කණ්ඩායම වෙනුවෙන් ප්‍රාන්ත තරඟයකට ක්‍රීඩා කරනු ලැබුවා.

ඔහු මේ වනවිට ටෙස්ට් තරඟාවලියක් සඳහා ඉන්දියාවට පැමිණ සිටින අතර,යළි බංග්ලාදේශයට පැමිණියහොත් ඔහුට ජීවිත තර්ජනයක් ඇතිවන බවට විවිධ වාර්තා පළවුණා.

ඒ හේතුවෙන් ඔහු මව්බිමට පැමිණීම මඟ හැර සිටීමටයි කටයුතු කළේ.

කෙසේ වෙතත් බංග්ලාදේශ ක්‍රිකට් හි මෙහෙයුම් භාර ෂාරියාර් නෆීස් ඊයේ (23) ප්‍රකාශ කළේ රටේ භාරකාර රජය ෂකීබ්ට හිරිහැරයක් සිදුනොවන බව පැහැදිලි කර ඇති බවයි.

ඒ, අනුව ඔහුට යළි මව්බිමට පැමිණීමට අවස්ථාව පවත්න බවයි ඔවුන් සඳහන් කළේ.

එම තහවුරු කිරීමත් සමඟ ඔහුට එළඹෙන ඔක්තෝම්බරයේ දකුණු අප්‍රිකාව සමඟ පැවැත්වෙන ටෙස්ට් තරගාවලියෙන් පසු යළි බංග්ලාදේශයට පැමිණීමට හැකිවනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ.

මේ අතර බංග්ලාදේශයේ නීති උපදේශක අසීෆ් නස්රුල් පවසා තිබුණේ ෂකීබ්ට එරෙහිව එල්ල වී ඇති ඝාතන චෝදනාව සම්බන්ධයෙන් ඔහුව අත්අඩංගුවට නොගනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14