AFC Banner
Empty Ad
Empty Ad

ජනාධිපති පෞද්ගලික ලේකම් කේ. ආනන්ද විජයපාල

ජනාධිපති පෞද්ගලික ලේකම් ලෙස කේ. ආනන්ද විජයපාල පත්කර ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

දීර්ඝ කාලයක් ජනතා විමුක්ති පෙරමුණේ නායකයාගේ පෞද්ගලික ලේකම්වරයකු වූ ආනන්ද විජේපාල 2015 යහපාලන රජය යටතේ පිහිටුවන ලද දූෂණ විරෝධී ලේකම් කාර්යාලයේ ලේකම්වරයකු ලෙස ද කටයුතු කළා.

මේ අතර නව ආරක්ෂක ලේකම්වරයා ලෙස එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්ත පත්කළ අතර, මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න පත් කිරීමටයි ජනාධිපතිවරයා කටයුතු කර තිබුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?