AFC Banner
Empty Ad
Empty Ad

වඳුරු රංචුවක් අවුරුදු හයේ දැරියව කාමාතුරයෙකුගෙන් බේරාගෙන

හය හැවිරිදි දැරියක් දූෂණය කිරීමට පුද්ගලයෙකු ගත් උත්සාහයක් වඳුරන් රංචුවක් විසින් ව්‍යාර්ථ කළ පුවතක් ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ බාග්පාට් ප්‍රදේශයේ දී මෙම සිදුවීම සිදුව ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

පසුගිය 20 වනදා සැකකරු විසින් දැරිය පාළු නිවසකට කැඳවාගෙන ගොස් ඇයට ලිංගික අතවර කිරීමට තැත් කර තිබෙනවා.

එම අවස්ථාවේ දී වඳුරන් රංචුවක් එම ස්ථානය පැමිණ ආක්‍රමණශීලීව හැසිරීමට පටන්ගෙන ඇති බවයි තොරතුරු අනාවරණය වී ඇත්තේ.

වඳුරන්ගේ එම හැසිරීමට බිය වූ අදාළ පුද්ගලයා දැරිය එම ස්ථානයේ දමා පළාගොස් ඇති බවයි වාර්තා වුණේ.

පසුව දැරිය නිවසට පැමිණ සිදු වූ සිද්ධිය පිළිබඳව මව්පියන්ට පවසා ඇති අතර, අනතුරුව මව්පියන් විසින් ඒ සම්බන්ධයෙන් පොලිසිය පැමිණිල්ලක් සිදුකර තිබෙනවා.

එම පැමිණිල්ලට අනුව පොලිසිය විමර්ශන අරඹා ඇති අතර එහිදී සැකකරු දැරිය රැගෙන යන ආකාරය මාර්ගයේ සවිකර තිබූ CCTV කැමරාවල සටහන්ව තිබිය දී සොයාගෙන තිබෙනවා.

එම දර්ශන ඔස්සේ සැකකරු හඳුනාගැනීමට පොලිසිය උත්සාහ දරමින් සිටින බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?