නව ආරක්ෂක ලේකම් පත් කෙරේ

නව රජය යටතේ ආරක්ෂක ලේකම්වරයා ලෙස විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මහතා පත් කර තිබෙනවා.

මීට ටික වේලාවකට පෙර (23) මෙම පත් කිරීම නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් සිදු කරනු ලැබුවා.

මීට පෙර මෙම ධුරයෙහි කටයුතු කළේ විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න යි.

සම්පත් තුයකොන්ත මහතා 1966 වසරේ නොවැම්බර් මස 26 වන දින කොළඹ දී උපත ලබා ඇති අතර හෙතෙම කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක්.

පාසල් අවධියේ සිටම අධ්‍යාපනයට මෙන් ම පාසල් ජ්‍යේෂ්ඨ රග්බි කණ්ඩායමේ 1986 සාමාජිකයෙක් ද වනවා.

1988 මැයි මස 17 වන දින ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 19 වන බඳවාගැනීමේ නිලධාරියෙකු ලෙස කැඩෙට් නිලධාරියෙකු ලෙස එක් වූ ඔහු 1990 වසරේ සාමාන්‍ය රාජකාරි නියමු ශාඛාවේ නිලධාරියෙකු ලෙස පත් වුණා.

ඔහුගේ පුහුණු කාලය තුළ ඔහු මූලික සටන් පුහුණුව සාර්ථකව නිම කර ඇති අතර, මූලික පියාසර පුහුණු, උසස් හෙලිකොප්ටර් පුහුණු පාඨමාලා රැසක් ද හදාරා තිබෙනවා.

1990 වසරේ පුහුණුව නිම කිරීමෙන් පසු ඔහු බෙල් 212/412 හෙලිකොප්ටර් යානාවල මෙහෙයුම් නියමුවෙකු ලෙස පියාසර රාජකාරි සඳහා යොදවා ඇත්තෙක්.

2001 වර්ෂයේ දී ඔහු ශ්‍රී ලංකා ගුවන් හමුදා හිඟුරක්ගොඩ කඳවුරේ අංක 9 ප්‍රහාරක හෙලිකොප්ටර් බලඝනයේ දෙවන අණදෙන නිලධාරියා ලෙස පත් කරන ලද අතර පසුව 2005 වසරේ අණදෙන නිලධාරියා ලෙස පත් කෙරුණා.

උතුරු නැගෙනහිර මුදාගැනීම සඳහා වූ මානුෂීය යුද්ධය ද සම්පත් තුයියකොන්ත මහතාගේ වෘත්තීය ජීවිතයේ හැරවුම් ලක්ෂයක් වන අතර ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ මෙහෙයුම්/ ප්‍රභූ සහ ප්‍රහාරක හෙලිකොප්ටර් නියමුවෙකු ලෙස පියාසර පැය 7000කට අධික කාලයක් කටයුතු කළ විශිෂ්ටයෙක් ලෙසයි හෙතෙම සැලකෙන්නේ.

එයාර් වයිස් මාර්ෂල් තුයකොන්ත මහතා පකිස්ථානයේ ඉස්ලාමාබාද් හි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශකවරයා ලෙස වසර දෙකක කාලයක් සේවය කර තිබෙනවා.

2014 වසරේ ආරක්ෂක සේවා අණ සහ මාණ්ඩලික කොලෙජ් හි ප්‍රධාන උපදේශකවරයා ලෙස ද කටයුතු කර ඇත්තේ සම්පත් තුයියකොන්ත යි.

මානුෂීය මෙහෙයුම්වල දී සතුරාට එරෙහිව ඔහු කළ නිර්භීතකම වෙනුවෙන් ඔහු “වීර වික්‍රම විභූෂණ” (WWV), “රණ වික්‍රම පදක්කම” (RWP) සහ “රණ සූර පදක්කම” (RSP) ද දිනා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
27
+1
0
+1
6
+1
2
+1
3
+1
1
+1
3
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන..දැකපු දෙස් විදෙස් අයත් මවිත වුණ දේ
01:33
Video thumbnail
Kasthirama | "යළි ගොඩනැගෙන්නට සවිය අවැසි හෙට දවස" - කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:26
Video thumbnail
මෙන්න කාළගුණයේ වෙන්න යන නොසිතූ වෙනස..අත්‍යවශ්‍ය වැඩවලට විතරක් එළියට යන්න
04:02
Video thumbnail
රාජාංගනයේ මිනිස්සු එකතුවෙලා විනාශ වුණ ඇළ බන්ට් එක හදපු හැටි.."මිණි මුතු නෙවෙයි වටින්නේ එකමුතුකම"
07:53
Video thumbnail
මාර්ග පිරිසිදු වූ වහාම ලංගම බස් පාරට දාන්න ලංගම සභාපති පෙරට..අපි සප් එකක් දෙන්නම් ඔයලා දුවන්න ඕනි
02:02


?