නව ආරක්ෂක ලේකම් පත් කෙරේ

නව රජය යටතේ ආරක්ෂක ලේකම්වරයා ලෙස විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මහතා පත් කර තිබෙනවා.

මීට ටික වේලාවකට පෙර (23) මෙම පත් කිරීම නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් සිදු කරනු ලැබුවා.

මීට පෙර මෙම ධුරයෙහි කටයුතු කළේ විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න යි.

සම්පත් තුයකොන්ත මහතා 1966 වසරේ නොවැම්බර් මස 26 වන දින කොළඹ දී උපත ලබා ඇති අතර හෙතෙම කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක්.

පාසල් අවධියේ සිටම අධ්‍යාපනයට මෙන් ම පාසල් ජ්‍යේෂ්ඨ රග්බි කණ්ඩායමේ 1986 සාමාජිකයෙක් ද වනවා.

1988 මැයි මස 17 වන දින ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 19 වන බඳවාගැනීමේ නිලධාරියෙකු ලෙස කැඩෙට් නිලධාරියෙකු ලෙස එක් වූ ඔහු 1990 වසරේ සාමාන්‍ය රාජකාරි නියමු ශාඛාවේ නිලධාරියෙකු ලෙස පත් වුණා.

ඔහුගේ පුහුණු කාලය තුළ ඔහු මූලික සටන් පුහුණුව සාර්ථකව නිම කර ඇති අතර, මූලික පියාසර පුහුණු, උසස් හෙලිකොප්ටර් පුහුණු පාඨමාලා රැසක් ද හදාරා තිබෙනවා.

1990 වසරේ පුහුණුව නිම කිරීමෙන් පසු ඔහු බෙල් 212/412 හෙලිකොප්ටර් යානාවල මෙහෙයුම් නියමුවෙකු ලෙස පියාසර රාජකාරි සඳහා යොදවා ඇත්තෙක්.

2001 වර්ෂයේ දී ඔහු ශ්‍රී ලංකා ගුවන් හමුදා හිඟුරක්ගොඩ කඳවුරේ අංක 9 ප්‍රහාරක හෙලිකොප්ටර් බලඝනයේ දෙවන අණදෙන නිලධාරියා ලෙස පත් කරන ලද අතර පසුව 2005 වසරේ අණදෙන නිලධාරියා ලෙස පත් කෙරුණා.

උතුරු නැගෙනහිර මුදාගැනීම සඳහා වූ මානුෂීය යුද්ධය ද සම්පත් තුයියකොන්ත මහතාගේ වෘත්තීය ජීවිතයේ හැරවුම් ලක්ෂයක් වන අතර ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ මෙහෙයුම්/ ප්‍රභූ සහ ප්‍රහාරක හෙලිකොප්ටර් නියමුවෙකු ලෙස පියාසර පැය 7000කට අධික කාලයක් කටයුතු කළ විශිෂ්ටයෙක් ලෙසයි හෙතෙම සැලකෙන්නේ.

එයාර් වයිස් මාර්ෂල් තුයකොන්ත මහතා පකිස්ථානයේ ඉස්ලාමාබාද් හි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශකවරයා ලෙස වසර දෙකක කාලයක් සේවය කර තිබෙනවා.

2014 වසරේ ආරක්ෂක සේවා අණ සහ මාණ්ඩලික කොලෙජ් හි ප්‍රධාන උපදේශකවරයා ලෙස ද කටයුතු කර ඇත්තේ සම්පත් තුයියකොන්ත යි.

මානුෂීය මෙහෙයුම්වල දී සතුරාට එරෙහිව ඔහු කළ නිර්භීතකම වෙනුවෙන් ඔහු “වීර වික්‍රම විභූෂණ” (WWV), “රණ වික්‍රම පදක්කම” (RWP) සහ “රණ සූර පදක්කම” (RSP) ද දිනා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
27
+1
0
+1
6
+1
2
+1
3
+1
1
+1
3
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දැඩි විදුලි කප්පාදුවකට යන්න වෙනවා..වෘත්තිය සමිති අනතුරු අඟවයි..මේ බොරුවෙන් රට ගෙනියන්න බැහැ
08:39
Video thumbnail
"කුමාර ජයකොඩියා මඩ නාපු ඌ#ක් වගේනේ.."අනේ බැරිනම් ළදරුවෝ ටික අකුලන් යන්න..
05:58
Video thumbnail
"නරි බිරුවා කියලා සිංහයෝ බය වෙන්නේ නෑ"වසන්ත විපක්ෂයට කට උත්තර නැතිවෙන්න දෙසයි
07:43
Video thumbnail
බොරු කියන එකේ සීමාවක් තියෙන්න ඕනි..හැමවෙලේම ඇඟේ ගාගන්නවා..අඟුරු අරගෙන අපි දත් මැද්දා..
02:50
Video thumbnail
පැලවත්තේ පක්ෂ කාර්යාලයේ දැඩි උණුසුම් තත්ත්වයක්..ඔබතුමා පක්ෂ කාඩර්වරයෙක්..ඒකනේ වෙව්ලන්නේ
14:47
Video thumbnail
සුජීව කුපිත වී පාර්ලිමේන්තුවම දෙවනත් කරයි.."චීන අසූචි නැව අනුර කාලද අසූචි කිව්වේ..ජනපති ටොම් පචයෙක්
13:04
Video thumbnail
"මේකා මචන් දරුණු පොරක්..තනියම ආවේ"ගම්වැදුණු වන අලි රක්ෂිතයට ගිය අයුරු
01:25
Video thumbnail
වැල්ලවායේදී කරනම් ගැසූ ලොරිය..සියල්ල CCTV කැමරාවේ සටහන් වෙයි
00:47
Video thumbnail
බදාදා නිවාඩු දිනය අවලංගු වීමත් සමඟ අද පැවති තත්ත්වය..
00:52
Video thumbnail
පුරාවිද්‍යා ප්‍රශ්නයක් නිසා උදෙන්ම රත්වුණ පාර්ලිමේන්තුව..සමහර කරුණු නොමඟ යවන සුළුයි
03:25