ඌවේ ආණ්ඩුකාවරයා ඉල්ලා අස්වෙයි

ඌව පළාත් ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කළ අනුර විදානගමගේ සිය තනතුරින් ඉල්ලා අස් වී තිබෙනවා.

ඊට අදාළ ලිපිය ඊයේ (22) දිනයේ දී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත යොමුකර ඇති බවයි වාර්තා වුණේ.

මේ අතර තවත් ආණ්ඩුකාරවරුන් තිදෙනෙක් ඊයේ දිනයේ දී ඉල්ලා අස් වී තිබුණා.

සබරගමුව පළාත් ආණ්ඩුකාර නවීන් දිසානායක, දකුණු පළාත් ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන සහ උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් මෙලෙස සිය ආණ්ඩුකාර තනතුරුවලින් ඉල්ලා අස් වී තිබුණා.

එමෙන්ම මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ ගමගේ ද සිය තනතුරින් ඉල්ලා අස් වී තිබෙනවා.

WhatsApp Image 2024 09 23 at 11.52.50 AM