AFC Banner
Empty Ad
Empty Ad

වනඅලි ගැවසෙන ගම්මානවල ජනතාවට ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ආරක්ෂාව

වනඅලි ගැවසෙන ගම්මාන වල ජනතාවට ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ගමන් කිරීමට වනජීවී නිලධාරීන්ගේ ආරක්ෂාව යොදවා ඇති බව අප වාර්තාකරු පවසනවා.

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ වනඅලි තර්ජන සහිත ගම්මාන සඳහා වනජීවී නිලධාරී කණ්ඩායම් 14ක් යොදවා ජනතාවගේ ආරක්ෂාව සපයා ඇති බවයි පොළොන්නරුව දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී සුජන්ත ඒකනායක සඳහන් කරන්නේ.

එම දිස්ත්‍රික්කයේ ඡන්දදායකයින් තුන් ලක්ෂ පනස් එක්දහස් තුන්සිය දෙකක් (351,302) 2024 ජනාධිපතිවරණය සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා ඇති අතර ඡන්ද මධ්‍යස්ථාන 292ක් ක්‍රියාත්මක වෙමින් පවතිනවා.

විශේෂයෙන්ම හිඟුරක්ගොඩ, මැදිරිගිරිය, දිඹුලාගල, වැලිකන්ද, ඇලහැර, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ජාතික වනෝද්‍යාන ආශ්‍රිතව පවතින ගම්මාන වලට මෙම වනජීවී නිලධාරී කණ්ඩායම් යොදවා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?