AFC Banner
Empty Ad
Empty Ad

දිල්ලි මහ ඇමති පුටුව කාන්තාවකට

දිල්ලි මහ ඇමති ලෙස කටයුතු කළ අරවින්ද් කෙජ්රිවාල් එම තනතුරෙන් ඉල්ලා අස්වීමෙන් පසු දිල්ලි නව ප්‍රධාන අමාත්‍යවරිය ලෙස අතිෂි මර්ලේනා වැඩ භාරගන්නා බව පාලක ආම් ආද්මි පක්ෂය දැනුම් දී තිබෙනවා.

අද (17) පැවති ආම් ආද්මි පක්ෂයේ ව්‍යවස්ථාදායක රැස්වීමේ දී මෙම තීරණය ගෙන ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

ආම් ආද්මි පක්ෂයේ ජාතික කැඳවුම්කරු අතිෂි මර්ලේනාගේ නම මේ සඳහා යෝජනා කර ඇති අතර, එහි සියලුම මන්ත්‍රීවරුන් නැගී සිට එය ස්ථිර කර තිබෙනවා.

අරවින්ද් කෙජ්රිවාල් දිල්ලි මහ ඇමති ලෙස කටයුතු කළ කාලය තුළ දිල්ලි රජයේ අධ්‍යාපන සහ පොදු කාර්ය අමාත්‍යංශය භාරව අතිෂි කටයුතු කරනු ලැබුවා.

ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවක් වන 43 හැවිරිදි ඇය දිල්ලියේ පාසල්වල අධ්‍යාපනය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා ප්‍රමුඛත්වය ගෙන කටයුතු කළා.

55 හැවිරිදි කෙජ්රිවාල් ප්‍රකාශ කළේ තමාට එරෙහිව ඇති දූෂණ නඩුවට අදාළව ඇප මත නිදහස් වූ දිනට පසු තමා දිල්ලි මහ ඇමති ධුරයෙන් ඉල්ලා අස්වන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?