දිල්ලි මහ ඇමති පුටුව කාන්තාවකට

දිල්ලි මහ ඇමති ලෙස කටයුතු කළ අරවින්ද් කෙජ්රිවාල් එම තනතුරෙන් ඉල්ලා අස්වීමෙන් පසු දිල්ලි නව ප්‍රධාන අමාත්‍යවරිය ලෙස අතිෂි මර්ලේනා වැඩ භාරගන්නා බව පාලක ආම් ආද්මි පක්ෂය දැනුම් දී තිබෙනවා.

අද (17) පැවති ආම් ආද්මි පක්ෂයේ ව්‍යවස්ථාදායක රැස්වීමේ දී මෙම තීරණය ගෙන ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

ආම් ආද්මි පක්ෂයේ ජාතික කැඳවුම්කරු අතිෂි මර්ලේනාගේ නම මේ සඳහා යෝජනා කර ඇති අතර, එහි සියලුම මන්ත්‍රීවරුන් නැගී සිට එය ස්ථිර කර තිබෙනවා.

අරවින්ද් කෙජ්රිවාල් දිල්ලි මහ ඇමති ලෙස කටයුතු කළ කාලය තුළ දිල්ලි රජයේ අධ්‍යාපන සහ පොදු කාර්ය අමාත්‍යංශය භාරව අතිෂි කටයුතු කරනු ලැබුවා.

ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවක් වන 43 හැවිරිදි ඇය දිල්ලියේ පාසල්වල අධ්‍යාපනය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා ප්‍රමුඛත්වය ගෙන කටයුතු කළා.

55 හැවිරිදි කෙජ්රිවාල් ප්‍රකාශ කළේ තමාට එරෙහිව ඇති දූෂණ නඩුවට අදාළව ඇප මත නිදහස් වූ දිනට පසු තමා දිල්ලි මහ ඇමති ධුරයෙන් ඉල්ලා අස්වන බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
00:00
Video thumbnail
වෙ# තියලා මැ#වත් අපි බය නෑ - මාරසිංහ ගාව හිටිය පොඩි කොල්ලා මම - වාරුව ගන්න අවු:40ක් බලාගෙන හිටියා
03:48
Video thumbnail
නාමල්ව ජනාධිපති කරලා මිසක් අපි පස්සට යන්නේ නෑ
02:34
Video thumbnail
පොහොට්ටු රැළියේ සෙනඟ වැඩි නිසා කණුවක් උඩට නැග්ග තරුණයෝ
00:32
Video thumbnail
පොහොට්ටුවේ අනුරපුරේ බලය පෙන්නද්දී මාලිමාව පොළොන්නරුවේ වැඩ පෙන්නයි
01:34
Video thumbnail
අර්චුනාත් පොහොට්ටුවේ වේදිකාවට ගොඩවෙයි
02:48
Video thumbnail
අපි මොන සෙල්ලම් දැම්මත් ඔබේ හයිය නැත්තම් අපිටත් හයිය නෑ - පොහොට්ටුවේ පළමු වෙ# මුරය මේක
03:13
Video thumbnail
අනුර කුමාර ඇවිල්ලා බලපන් - උඹේ පචවලට උත්තර දෙන්න අපි සූදානම්
01:21
Video thumbnail
නාමල්ව ජනාධිපති කරලා තමයි අපි නවතින්නේ
01:38