එළඹෙන ජනාධිපතිවරණය වෙනුවෙන් ඉදිරිපත්ව සිටින ප්‍රධාන අපේක්ෂකයින් සිය ප්‍රචාරණ සහ ප්‍රවර්ධන කටයුතු වෙනුවෙන් Meta Ads සඳහා මේ දක්වා වියදම් කර ඇති මුදල් ප්‍රමාණයන් පිළිබඳව මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි කතාබහක් මතුව තිබෙනවා.
සමාජ මාධ්‍ය ඔස්සේ මේ වනවිට සංසරණය වන දත්ත වාර්තාවක් සමගයි මේ පිළිබඳව දැඩි කතාබහක් මතුව ඇත්තේ.
අදාළ දත්ත වාර්තාවට අනුව ජනාධිපතිවරණය වෙනුවෙන් ස්වාධීන අපේක්ෂකයෙක් ලෙස ඉදිරිපත්ව සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ Meta Ads සදහා පසුගිය දින 90ක කාලය තුළ රුපියල් 33,230,360ක මුදලක් වියදම් කර තිබෙනවා.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පසුගිය දින 90ක කාලය තුළ රුපියල් 32,514,220ක මුදලක් වියදම් කර ඇති අතර, ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක රුපියල් 7,142,795ක මුදලක් Meta Ads සදහා වියදම් ඇති බව එහි සඳහන්.
එමෙන්ම නීතිඥ විජේදාස රාජපක්ෂ රුපියල් 8,579,955ක මුදලක් Meta Ads සදහා වියදම්කර ඇති බවයි අදාළ දත්ත වාර්තාවේ දැක්වෙන්නේ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ රුපියල් 665,202ක මුදලක් මෙම ප්‍රචාරණ සහ ප්‍රවර්ධන කටයුතු සඳහා වියදම්කර ඇති බවයි වාර්තා වන්නේ.
එමෙන්ම මව්බිම ජනතා පක්ෂයේ අපේක්ෂක දිලිත් ජයවීර රුපියල් 1,631,750ක මුදලක් සහ ජනාධිපතිවරණය වෙනුවෙන් ඉදිරිපත්ව සිටින ජනක රත්නායක රුපියල් 1,907,165ක මුදලක් Meta Ads සදහා වියදම්කර ඇති බව එහි සඳහන්.